budget-2023-sri-lanka

රුපියල් බිලියන 3,275ක (3,275,876,558,000) රජයේ වියදම් ඇතුළත් 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඊයේ (09)දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

 මෙවර රුපියල් බිලියන 734.6ක් ලෙස වැඩිම මුදලක් වෙන් කර තිබෙණුයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටයි. දෙවැනියට වැඩිම මුදල වූ රුපියල් බිලියන 654.3ක් ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කර තිබේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලියන 307.1ක්, සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන 248ක්, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට රුපියල් බිලියන 189.2ක්, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයට රුපියල් බිලියන 116.3ක් සහ මහජන ආරක්ෂණ අමාත්‍යාංශයට රුපියල් බිලියන 112.8ක් විසර්ජන පනත සංශෝධනය කිරිමේ පනත් කෙටුම්පත මගින් වෙන් කර ඇත. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ලෙස රුපියල් බිලියන 3.03ක් (3,039,740,000) වෙන් කර තිබේ. මෙම 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත මගින් එක් එක් අමාත්‍යාංශය සඳහා වෙන් කළ මුදල් පහත පරිදි වේ.


* බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාතශය - රුපියල් බිලියන 7.07ක් (7,010,500,000) බිලියන 17.9ක් (17,926,000,000) * වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය - රුපියල් බිලියන 9.3ක් (9,354,100,000)

* ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය - රුපියල් බිලියන 307.1ක් (307,108,400,000)

* කෘෂිකර්ම අමාතශය - රුපියල් බිලියන 138.5 (138,560,485,000)

* විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය - රුපියල් බිලියන 27.6ක් (27,663,260,000)

* සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය - රුපියල් බිලියන 7.4ක් (7,417,800,000)



* නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාශය - රුපියල් බිලියන 25.2 (25,205,071,000)

* අධ්‍යාපන අමාතයංශය - රුපියල් බිලියන 200ක් (200,000,000,000)

* රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය - රුපියල් බිලියන 734.6ක් (734,674,000,000)

* වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය - රුපියල් බිලියන 15.9ක් (15,922,000,000)

* කර්මාන්ත අමාත්‍යාංශය - රුපියල් බිලියන 5.2ක් (5,291,450,000)

* ධීවර අමාත්‍යාංශය - රුපියල් බිලියන 2.8ක් (2.856,519,000)

* පරිසර අමාත්‍යාංශය - රුපියල් බිලියන 1.6ක් (1,681,900,000)

* වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය - රුපියල් බිලියන 7.5ක් (7,594,500,000)

* ජල සම්පාදන අමාත්‍යාංශය - රුපියල් බිලියන 30.8ක් (30,862,884,000)

* කාත්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය -රුපියල් බිර්ලියන 116.3ක් (116,349,300,000)

* වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය - රුපියල් බිලියන 5.8ක් (5,808,775,000)

* තාක්ෂණ අමාත්‍යාංශය - රුපියල් බිලියන 6.6ක් (6,634,840,000)



* ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය - රුපියල් බිලියන 4.2ක් (4.267,410.000)

*මහජන ආරක්ෂණ අමාතශය - රුපියල් බිලියන 112.8ක් (112,808,260,000)

*කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය - රුපියල් බිලියන 4.7ක් (4,712,000,000)

* ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය - රුපියල් බිලියන 6.4ක් (6,476,000,000)

* වාරිමාර්ග අමාත්‍යාංශය - රුපියල් බිලියන 73.3ක් (73,332,000,000)