
අකුරැස්ස මුගුණගොඩහේන බෝපාගොඩ ප්‍රදේශයේ කුරුඳුවත්තක අටවා තිබූ බදින තුවක්කුවක් පත්තුවිමෙන් 22 හැවිරිදි තරුණයකු පසුගිය 12 වැනිදා රාත්‍රී මියගොස් ඇතැයි පිටබැද්දර පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මුගුණගොඩහේන බෝපාගොඩ පදිංචි පී.ජී. සුපුන් චාමර නමැති 22 හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසයි. ප්‍රේම සම්බන්ධයකට මව අවවාද කළැයි කියන සිද්ධියකට මෙම තරුණයා උරණ වී ඇති සිද්ධියකින් පසුව බඳින තුවක්කුව පත්තුවීමෙන් මියයෑමේ සිද්ධිය වී ඇතැයි පොලිසිය කළ පරික්ෂණවලින් හෙළි වී තිබේ.
මෙම සිද්ධියෙන් පසුව මියගිය තරුණයාගේ පියා නිවසේ බාල්කයක එල්ලෙමින් සිටියදී ගම්වාසීන් එක්ව ඔහු බේරාගෙන මාතර රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලිසිය කියයි. මහේස්ත්‍රාත් පරික්ෂණය පවත්වා දේහය මාතර මූලික රෝහලට යවා පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට ඊයේ (14) ද නියමිතව තිබිණි.
-ප්‍රියන්ත දසනායක-
Comments
Post a Comment
Your comment will be visible after approval