all-party-government

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ අවසන් තීරණය මෙම සතිය තුළදී ගැනීමට නියමිත බව වාර්තා වේ.සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය,  දෙමළ ජාතික සංධානය ඇතුළු විපක්ෂයේ පක්ෂ සම්බන්ධ වීම පිළිබඳ ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ මෙතෙක් ස්ථිර තීරණයක් ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා විය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට සම්බන්ධ වීම පිළිබඳ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ පාර්ශ්ව සමගින් සාකච්ඡා කර ඇති අතර, ඔවුද මෙතෙක් අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කර නොමැත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ආණ්ඩුවට සම්බන්ධ වීම පිළිබඳ එකඟතාව පළ කර නොමැති බව වාර්තා වන අතර, ඒ හේතුවෙන් පක්ෂයක් වශයෙන් ආණ්ඩුවට සම්බන්ධ වීම පිළිබඳ අවසන් තීරණය ගෙන නොමැති බව වාර්තා විය. නමුත් බොහෝදුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට සම්බන්ධ වීමට ඉඩ ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වේ. සමගි ජනබලවේගය සර්වපාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ නොවීමට තීරණය කර ඇතත්, එම පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට සම්බන්ධ විය යුතු යැයි යන ස්ථාවරයේ සිටින බවත් වාර්තා විය.ව

ෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග සම්බන්ධ වීමෙන් පසුවද ආමාත්‍ය ධුර 30ක සීමාව නොඉක්මවන පරිදි පවත්වා ගෙන යාමට නියමිත බවද වාර්තා වේ. ඒ අනුව ආණ්ඩුවට සම්බන්ධ වන මන්ත්‍රීවරුන් සඳහා අමාත්‍ය ධුර ලබාදීමේදී විෂයන් කිහිපයක් එකතු කර ඇති අමාතයංශ වෙන් කර එම අමාත්‍ය ධුර ලබාදීමට නියමිත බවද ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.එමෙන්ම එළඹෙන සිකුරාදායින් පසු නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමටද සැලසුම් කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ආරංචිමාර්ග පවසයි.

(නවෝද්‍යා පවනි)