salman-rushdi-update

එක්සත් ජනපදයේ නිව්යෝක්හිදී පවතිඋත්සවයක් අතරවාරයේදී පිහි ප්‍රහාරයකට ලක් වූ බ්‍රිතාන්‍ය ලේඛක සල්මාන් රුෂ්ඩි මේ වනවිට සුවය ලබමින් සිටි බව රෝහල් වාර්තා පවසයි. ඒ අනුව ඊයේ (14) දිනය වනවිට ඔහුට සවිකර තිබූ හුස්ම ගැනීමේ ආධාරක "වෙන්ටිලේටර්'' උපාංග ඉවත්කර තිබූ බවත්, යළිත් ඔහුට ඇවිදීමේ හැකියාව පවතින බවත් එහි සඳහන්ව තිබුණි.


කෙසේ වෙතත් මෙම ප්‍රහාරය නිසා ඔහුගේ ඇසක් අහිමි විය.
75 හැවිරිදි වියේ පසුවන රුෂ්ඩි පසුගිය සිකුරාදා දිනයේදී මෙම පිහි ප්‍රහාරයකට ලක් විය. රූෂ්ඩි විසින් රචනා කරන ලද The Satanic Verses නම් ග්‍රන්ථයට එරෙහිව වසර ගණනාවක් පුරා ඔහුට එල්ල වී තිබූ මරණ තර්ජනවල ප්‍රතිඵලයක් ලෙස මෙම සිදුවීම සිදුව තිබේ. මෙහිදී රුෂ්ඩිගේ මුහුණ සහ බෙල්ල ආශ්‍රිත ප්‍රදේශයට පිහි පහර එල්ල වී ඇතැයි පළමුව වාර්තා වී තිබුණි.මේ අතර අදාළ පහරදීම සිදුකළ පුද්ගලයා 24 හැවිරිදි අයකු හදුනාගෙන තිබේ. ඔහු එක්වරම රුෂ්ඩි රැදිසිටි වේදිකාව මතට කඩා පැන මෙම පහරදිම සිදුකළ බව ඇසින් දුටුවෝ පවසති. මේ වනවිට ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවන බව සදහන්වෙයි.

මෙම පුද්ගලයා පිළිබදව මීට පෙර කිසිඳු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සම්බන්ධ වාර්තවක් නොමැති අතර, ඔහු ඉරානයට සහ එරට විප්ලවීය හමුදාවට හිතවාදී අයෙකු බව පොලිසිය පවසයි. 1947 වසරේදී ඉන්දියාවේ බොම්බායේදී උපත ලැබූ රුෂ්ඩි, බ්‍රිතාන්‍යයේදී අධ්‍යාපනය ලැබූවෙකි.

එසේම ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් නූතන ඉතිහාසය පිළිබදව හදාරා තිබේ. එම සාහිත්‍ය වෙත සිදුකළ මෙහෙයවෙනුවෙන් 2007 වසරේදී ඔහු නයිටි නාමයෙන්ද පිදුම් ලැබීය. 1988 වසරේදී රුෂ්ඩි විසින් රචනා කරන ලද Satanic Verses නම් ග්‍රන්ථයට ලොව පුරා මුස්ලිම්වරුන්ගේ දැඩි විරෝධයට ලක් වූ අතර, මරණ තර්ජන එල්ල විය. ඒ හේතුවෙන් ඔහුට වසර 10ක පමණ කාලයක් සැගවී සිටීමටද සිදුවිය. එසේම එවකට ඉරානයේ උත්තරිතරම ආගමික නායකයා වූ අයතුල්ලා කුමේනි විසින් රුෂ්ඩි ඝාතනය වෙනුවෙන් ඩොලර් මිලියන 3ක ප්‍රදානයක් සිදුකරන බවත් පවසා තිබුණි. එසේම 2012 වසරේදී එම මුදල තවත් ඩොලර් ලක්ෂ පහකින් ඉහළ දැමුණි. මෙලෙස රුෂ්ඩි වෙත එල්ල වූ ප්‍රහාරය හෙලාදකිමින් රටවල් රැසක් ප්‍රකාශ නිකුත් කර තිබුණි. ඒ අතර මුස්ලිම් රාජ්‍යයන් කිහිපයක්ද ඇතුළත්ව තිබුණි.කෙසේ වෙතත් ඊයේ පළකල කරුණු ඇතැම් ඉරාන පුවත්පත් ඇතුළු මාධ්‍ය තුළ මෙම පිහි ප්‍රහාරය පිළිබද සතුට පළකරමින් පුවත් පළ වී තිබුණි. එහිදී ඇතැමුන් මුස්ලිම් ආගමට සහ මුහම්මද්තුමන්ට අපහාස කළ රුෂ්ඩිට දඩුවම් හිමි විය යුතු බවත් පවසා තිබුණි. මේ අතර සුප්‍රසිධ හැරීපොටර් කතා පෙළේ රචිකාවිය වන ජේ.කේ රොව්ලින්ග් රුෂ්ඩිට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ අදහස් දැක්වීමකට ප්‍රතිචාර ලෙස ඇයටද මේ වනවිට මරණ තර්ජන එල්ල වී ඇතැයිද වාර්තා වෙයි. දැනටමත් ඇය මේ පිළිබදව පොලීසිය දැනුවත් කර තිබෙන බව පවසයි.