adani-sri-lanka

මන්නාරම හා පුනරීන් ප්‍රදේශවල සුළං බලශක්ති ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමූහයට තාවකාලික බලපත්‍ර ලබාදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 286ක සහ පුනරින් ප්‍රදේශයේ මෙගාවොට් 234ක සුළං බලශක්ති ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් මෙම බලපත්‍රය ලබාදුන් බවත්, එම ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ඉක්මවන බවත් ඔහු ප්‍රකාශ කළේය.



පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රගතිය සමාලෝචනය කිමේ හමුවේදී මේ බව අනාවරණය විය. විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව මෙම හමුව විදුලිබල අමාත්‍යාංශයේදී පවත්වන ලදී.දීර්ඝ කාලයක් විදුලිබල පනත සංශෝධනය නොකිර්ම සමග ක්‍රියාත්මක කිර්මට නොහැකිව තිබූ ව්‍යාපෘති 46 21ක් සඳහා එම පනත සංශෝධනය වීම හරහා ගිවිසුම් අත්සන් කිරීමට හැකියාව ලැබී ඇති බවත්,

ඒ අනුව එළඹෙන සතියේදී එම ගිවිසුම්වලට එළඹීමට නියමිත බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

තවත් ව්‍යාපෘති 26ක් වෙනුවෙන් ලබාදුන් බලපත්‍ර අනුව විදුලිබල මණ්ඩලයේ පද්ධති පහසුකම් සහ සම්ප්‍රේෂණ අවශ්‍යතා සම්පුර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත්, අනෙකුත් අභිලාෂ කැඳවීම්වල ඇගයීම් මාසයක් තුළ සම්පුර්ණ කිරීම පිළිබඳ සාකච්ඡා කළ බවත් ඔහු කීය.