
පසුගිය වසර 20ක කාලය තුළ අධිවේගී මාර්ගවලට යොමු කළ මුදලින් සියයට 10ක් පොදු ප්‍රවාහනයට යොමු කළේ නම් අද මෙරට නවීකරණය වූ දුම්රිය පද්ධතියක් හා මගී බස්රථ සේවයක් පවතින බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. රට තුළ ඇති වූ විදේශ සංචිත හිගයත් සමග මතු වූ ඉන්ධන අර්බුදය හේතුවෙන් සාමාන්‍ය ජනතාව පොදු ප්‍රවාහනයට යොමුවීම නිසා මේ වනවිට දුම්රිය මගී ප්‍රමාණය දෙගුණයකින් වැඩිවී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ 43 සේනාංකයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක හමුවකට සහභාගී වීම සඳහා දුම්රියෙන් මහනුවර බලා යමින් සිටිය දීය.
මෙරට ඇත්තේ දුම්රිය 60කට ආසන්න ප්‍රමාණයක් බව කී මන්ත්‍රීවරයා දුම්රිය නවීකරණය, විදුලිකරණය කිරීමට ගත් ක්‍රියාමාර්ග මෝඩ දේශපාලකයන් විසින් විනාශ කළ බව ද කීවේය. මගීන්ගෙන් සියයට 8ක් 10ක් ගෙනයන දුම්රියට ඉන්ධන වැයවෙන්නේ සියයට 1ක් 2ක් වැනි ප්‍රමාණයක් බැවින් එම ක්ෂේත්‍රය නවීකරණයට නව දුම්රිය එන්ජින්, මැදිරි, බස් රථ ගෙන ඒම සඳහා ආණ්ඩුව දැන්වත් විශාල ප්‍රාග්ධන ආයෝජනයක් කළ යුතු බව මන්ත්‍රීවරයා පැවසීය.
ඩයනා උදයංගනී
Comments
Post a Comment
Your comment will be visible after approval