yupun-abeykoon-100m-speaks

තත්පර 10 ට වඩා අඩුවෙන් දිවගොස් මීටර 100 තරගයක් ජාත්‍යන්තර වශයෙන් මුල්වරට ජයගත් ශ්‍රීලාංකිකයා මෙන්ම දකුනු ආසියාතිකයා වූ යුපුන් අබේකෝන් ස්විට්සර්ලන්තයේදී සිය ජයග්‍රහණයෙන් පසු වීඩියෝවක් නිකුත් කරමින් සිය ජයග්‍රහණය ගැන සන්තෝෂය පළ කළ අතර ඔහු  විශේෂයෙන් මතක් කරමින් කියූ වැදගත් දෙයක්ද තිබුණි.
එනම් ‘ලංකාවේ කවුරුවත් මේකට උදව් කලේ නැහැ.. මං ඒක කියනවා‘ යන්නයි.
ඔහු කියූ සම්පූර්ණ ප්‍රකාශය පහතින්

‘පේනවද හරියට 9.95 මං ඒක කළා. කිව්ව වගේම ලංකාවෙ ඉතිහාසයේ වෙනස් කරා ඒ වගේ සවුත්ඒෂියාවලත්... මං ඒක කළා. ගොඩක් අය කිව්වා. මං ඒක කරනවා කියල මං ට්‍රයි කරා ගොඩක් පාර..නමුත් අද මට චාන්ස් එක ආවා. තැන්ක්යූ සෝ මච්.. මට දෙයක් කියන් ඕනෙ..
මේකෙ අයිතිය තියෙන්නෙ මට සහ මගේ ටීම් එකට..
ලංකාවේ කවුරුවත් මේකට උදව් කලේ නැහැ මං ඒක කියනවා..නමුත් මං මේක ට්‍රිබියුට් කරනවා..මං දුවල මේ ටයිමින් එකන බෝඩ් එකේ වැටෙනකං බලන් හිටපු මං එක්ක හිටපු හැම කෙනාටම ට්‍රිබියුට් කරනවා..
තැන්යූ සෝ මච්.. ආදරෙයි..‘

ඔහුගේ ප්‍රකාශයේ වීඩියෝව පහතින්