
අද (3) පෙරවරුවේ සිදුකළ වැටලීමකදී ඩීසල් ලීටර් 6400ක් ඇතුළු නීතිවිරෝධී ඉන්ධන ළඟ තබාගෙන සිටි 25 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය වාර්තා කරයි.
කිලිනොච්චියේ පිහිටි නිවසක ගරාජයක මේවා තැන්පත් කර තිබී ඇත.
බලපත්‍රයක් නොමැතිව නිවසක ගරාජයක නීති විරෝධී ලෙස සඟවා තිබියදී පෙට්‍රල් ලීටර් 200 ක්, ඩීසල් ලීටර් 6,400 ක් සහ භූමිතෙල් ලීටර් 25 ක් අඩංගු බැරල් 35 ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
කිලිනොච්චිය පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments
Post a Comment
Your comment will be visible after approval