
සෑහීමකට පත්විය හැකි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් , ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් සැපයීමේ සැලසුමක් නැතැයි, ලෝක බැංකුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ ඉන් ජනතාව පත්ව ඇති පීඩාව පිළිබඳව තම ආයතනය දැඩි අවධානයෙන් සිටින බව ද ලෝක බැංකුව පවසයි.
ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය ඇති කර ගැනීම සඳහා ආර්ථික අර්බුදය ඇතිවීමට හේතූ වූ කරුණු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදිය යුතු බවයි.
අදාළ ලෝක බැංකු නිවේදනය ගැන රොයිටර් පුවත්සේවය වාර්තා කළේ පහත පරිදිය

Comments
Post a Comment
Your comment will be visible after approval