qr-system

මේ වන විට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් රැසක ඉන්ධන නිකුත් කරනු ලබන්නේ QR කේතය පරික්ෂා කරමිනි. රජය පවසන්නේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් සියයට පනහක් QR කේතය පරික්ෂා කරමින් ඉන්ධන නිකුත් කරන බවයි. එමෙන්ම අනෙකුත් පිරවුම්හල්ද මේ වන විට වාහනයේ අවසන් අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කර ඇත.  කෙසේ නමුත් මෙම QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීම පිළිබඳව ඉන්ධන පෝලිම්වල සිටින ජනතාවගේ අදහස් විමසීමට අපි සිතුවෙමු. කොළඹට නුදුරු ප්‍රදේශ කිහිපයකම ඉන්ධන පෝලිම් අසලට ගිය අපට QR කේතය පරික්ෂා කරමින් පිළිවෙළකට ඉන්ධන නිකුත් කරන අයුරු දැකගත හැකි විය. බත්තරමුල්ල ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්භලකපෝලිමේ සිටි ධර්මදාස මහතා අප සමග කතාබහකට එක්වූයේ මේ අයුරිනි.

"මේ කිසිම ක්‍රමයක් සාර්ථක නැහැ. පෝලිම් නැති කරන්න කියලා ආණ්ඩුව ගෙ පුංචි පුංචි පැලැස්තර කවදාවෙනකල් කරත්තද. අපි කවදාවත් තෙල් ගහක්ක පෝලිම්වල ඉන්න ඕන කියල හිතපු මිනිස්සුද, මිනිස්සු තමන්ට පුළුවන් විදිහට ෆිනෑන්ස් දාලා වාහනයක් ගන්න ඉක්මනට යන්න එන්න පහසු නිසා. මොකද අපි දත්ත කාලේ ඉදලවත් රටේ හරිහමන් පොදු ප්‍රවාහන සේවයක් තිබ්බද. මෙච්චර රටේ තෙල් අර්බුදයක් තියෙනකොටවත් පොදු ප්‍රවාහනයට හොද විසදුමක් ගේන්න පුළුවන් උනාද  බස්වල ෆුට්බෝඩ් කඩාගෙන වැටෙන්න සෙනග. සමහරු යන්නේ වහල උඩ.ඉස්කෝල වැහිලා. හොඳ පොදු ප්‍රවාහන සේවයක් තිබ්බා නම් එහෙම වෙනවද.  ෆිනෑන්ස් දාලා වාහනයක් අරගෙන, ඒකට තෙල් ගහන්න දවස් ගනන් පෝලිම්වල ඉන්න වෙලා. ඒ මදිවට තෙල් දෙන්නත් සිමාකරලා. QR කෝඩ් එක මේ මොහොතට යම් සහනයක් තමා. නැත්තම් ෂෙඩ් අයිතිකාරයන්ගේ හෙංචයියොයි, චණ්ඩියි. ත්‍රීවිල්කාරයොයිනේ ෂෙඩ්වල බහිරවයෝ වගේ අරක්ගෙන හිටියේ. මේ මොන ක්‍රමයක්වත් තෙල් ප්‍රශ්න විසදන්න බැහැ.

ඉක්මනට රටට තෙල් ගේන්න ඕනෙ. අපිට තෙල් ගැන හිත හිතා තමයි දැන් ජීවත් වෙන්න වෙන්නේ මේ වන විට යතුරුපැදියකට සතියට ඉන්ධන නිකුත්කරන්නේ  ලීටර් හතරකි. එමෙන්ම ත්‍රිරෝද බොහෝ ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් සිටින පුද්ගලයන්ට අංක නිකුත් කර තිබෙනු අපට දැකගත හැකිවිය. තමන් පෝලිමට පැමිණි විට වාහනයේ අගය පරික්ෂා කර පෝලිමේ ඔහුට හිම් අංකය පැති කන්නාඩියක සටහන් කරනු ලබයි. ඉන්පසුව එක් අයෙක් පිරවුම්හල අසල එම අංකයට අනුව පිරවුම්හලට යවනු අපට දැකගත හැකිවිය. බොහෝවිට පෝලිම සිටි තරුණියන් එක්වී මෙය සිදුකරනු අප දුටු අතර, ඇතැම් ස්ථානවල පොලිස් නිලධාරීන්ද එම කාර්ය සිදුකරන බව අපට වාර්තා විය. මේ මගින් පෝලිම් පැනීම වැනි අකටයුතුකම් අවම කරගත හැකි බව එම ක්‍රියාවලියේ නිරත මාලඹේ ඉන්ධන පිරවුම්හලක සිටි තරුණියක් අප සමග පැවසීය.

"අංකයට ගහන නිසා හෙට තියන අංකයට අද හවස ඉඳලාම මිනිස්සු පෝලිම හදනවා. පැය ගානක් මිනිස්සුන්ට පෝලිමේ ඉන්න වෙනවා. ඒක ලොකු කට්ටක් තමයි. ඊයේ පෙරේදා මේ ෂෙඩ් එකේම පෝලිම් පැනලා ලොකුරණ්ඩු දෙක තුනක් ගියා. ඒ නිසාම අපි හිතුවා පෝලිමේ එන අයට පෝලිම් පිළිවෙළට අංකයක් දෙන්න. අපි වාහනේ නම්බර් එකත් ලියාගෙන එයාට පෝලිමේ හිම් අංකයත් දෙනවා. එතකොට කැමති නම් බයික් එක පෝලිම් තියලා ගිහිං තෙල් එද්දි එන්න පුළුවන්. කොහොමත් අංකය දුන්නට පස්සේ තෙල් ආවාම එයාගෙ ඉඩ අපි තියනවා. මේ හැමෝම තෙල් ගහන්න කට්ටක් කනවනේ. QR එකට තෙල් ගහන එක හොඳයි . එතකොට බොරුවට රස්තියාදු වෙන්න ඕන නැහැ. හැබැයි බයික්වලට තෙල් ප්‍රමාණය වැඩි කළා නම් හොඳයි. වැඩට යන එන මිනිස්සුන්ට නෙවෙයි ලීටර් හතර මදිවෙන්නේ, ඩිලිවර් ජොබ් කරන කොල්ලන්ට. UBER, Pick Me දුවන අයට. එයාලට ලීටර් හතර දවස් දෙකකට ඇති. දැන් හරි ආණ්ඩුවට නිසි ක්‍රමයක්පුළුවන් වුණු එක නම් ලොකු දෙයක්." පසුගිය දිනවල රට පුරාම ඉන්ධන පිරවුම්හුහල් අසල දිගු පෝලිම් සෑදු ත්‍රිරෝද රථ රියදුරන්ට චෝදනා රැසක් මෙම විරෝධතාද එල්ල විය. ඒ ඔවුන් තෙල් ඇද වැඩි මිලට විකුණන නිසාය. එමෙන්ම වැඩි මිලට ලබාගත් බව පවසමින්, හයර් එකකට අය කරන මුදලද ඔවුන් ඉහළ දැමූ පුවත් විටින් විට වාර්තා විය. බොහෝ දෙනෙක් ත්‍රිරෝද රථ සරදමට ලක් කලේද 'මිනි ෂෙඩ්' ලෙසිනි. කෙසේනමුත් QR කේතය පැමිණීමත් සමගම ත්‍රිරෝද රථ රියැදුරට එතෙක් කරගෙන ආ අකටයුත්ත දිගටම කරත්තට නොහැකි වන බව පෝලිම්වල සිටින ජනතාවගේ අදහසයි. මේ නිසාම ඉන්ධන පෝලිම් සිටි ත්‍රිරෝද රථ රියදුරන් කිහිපදෙනෙකුගේම අපි අදහස් විමසීමු.

මේ අඹතලේ ප්‍රදේශයේ සිපෙට්කෝ පිරවුම්පලක පෝලිමේ සිටි ත්‍රිරෝද රථ රියැදුරයෙක්.

"මේක හොදයි කියන්නේ කොහොමද. ලීටර් පහකින් සතියක් දුවන්න පුළුවන්ද.අපේ රස්සාව හයර් දුවන එක. ලීටරේකට දුවන්න පුළුවන් කිලෝම්ටර් විසිපහයි. එක්කෝ හයර් දුවන අයට තෙල් දෙන සිස්ටම් එකක් හදන්න ඕනේ. දවස් ගණන් පෝලිමේ ඉදලා ලීටර් පහක් ගහලා වැඩක් තියෙනවද. හයර් එකක් දුවලා ගානක් කියන් කොහොමද."

"ඒ උනාට ඔයාල තෙල් එකතු කරලා වැඩි ගානට විකිණුවා ද.පොඩි දුරහයර් යන්නත් දාහක් දෙදාහක් ගත්තාද?" අපි ඔහුගෙන් අසුවෙමු.

"හැමෝම එහෙම කළේ නැහැ. මිනිස්සුන්ගේ හැටි එහෙමනේ. අපිට දවස් දෙකකට හරි තෙල් දෙන ක්‍රමයක් ගෙනාව නම් ඕවා වෙන නැහැ. අපිත් ජීවත් වෙන්න ඕන. හාල්, පොල් ගන්න, අපිටත් ළමයි ඉන්නවා. කන්න බොන්න ඕනේ. ඒවා ගැන කවුරුත් කතා කරන්නෙ නැහැනේ."

මේ අප සමග අදහස් දැක්වූ මාලඹේ ඉන්ධන පිරවුම්පහලක සිටි ත්‍රිරෝද රථ රියදුරයෙක්.

"ලබන මාසේ ඉදලා අපිට තෙල් ගහන්න වෙන්නේ එක ෂෙඩ් එකකින්. ඔන්න ලබන මාසේ ඉදලා දුර හයර් යන්න බැහැ. ඇයිමග තෙල් ඉවර වුණත් අපිට දීල තියන ෂෙඩ් ඒක වෙනකල් තල්ලු කරගෙන, දිනය එනකල් බලාගෙන ඉන්නයි වෙන්නේ. පෙට්‍රල් ලීටර් පහකින් මොනවද කරන්න පුළුවන්. ලබන මාසේ ඉඳල අපි පොලීසියේ රෙජිස්ටර් වෙන්න ඕන කියනවනේ. QR එක හොදයිපෝලම් පනින්නෙ නැතුව තෙල් ගහන්න. එහෙම නම් අපිට හැමදාම තෙල් දෙන්න ඕන. ඔය ලොකු පුටුවල ඉන්න අයට තේරෙන්නේ නෑනේ අපි විදින දුක''

QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීම ගැන පිරවුම්හල් සේවකයෙකුගක්ද අප අදහස් විමසීය. මීට පෙර පිරවුම්හල් සේවකයන් පිළිබද අප ලියූ ලිපියකට අදහස් පළ කළ බත්තරමුල්ල ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුමිහලක සේවක මහතෙක් සොයාගෙන ගියේQR කේතය පිළිබදව ඔහුගේ අදහස දැන ගැනීමටය. ඔහු සිය රාජකාරිය අතරතුරදි අපට එක්විය.



"අපි QR එකට ගහන්න ගත්තේ ඊයේ ඉදලා. දවස් දෙකයි තාම. ඒක ටිකක් හොදයිවගේ තමයි පේන්නේ. අපිට තියන්නේ තෙල් ගහන එකනේ. මෙතන ඇප් එකනම් ෆෝන් එකෙන් QR එක ස්කෑන් කරනවා. ඊට පස්සේ මම තෙල් ගහනවා. මේකන් ඩේලි තෙල් ගහපු අයට තමයි අවුල වෙන්. ඇයි ඉතින් ඔය ගහනටික සතියක් දුවන්න පරිස්සම් කරගන්න එපැයි. දැන් ඔයාටත් පේනවනේ ෂෙඩ් එක ඇතුළෙ පෝලිම්, රංඩු නැහැ. වාහනෙයි කෙනයි, අපියි, පොලීසියේ මහත්තුරුයි විතරයි ඉන්නේ. වෙනදට මෙහෙම නෑ. රෑ දොළහ වද්දියි.තෙල් ඉවර වෙන්න ලං වෙද්දි යුද්දෙනේමෙතන. කොච්චරක් ආවත්, කවුරු ආවත් අපිQR එක බලලා තමයි තෙල් ගහන්නේ. සමහර ෂෙඩිවල නම් එතැනදි මිනිසුන්ට QR එක හදල දෙනවා. අපි තාම එහෙම කළේ නැහැ. තාක්ෂණය ගැන දන්නෙ නැති අයට නම් QR එක ටිකක් කරදරයි. බලමු ඉතින්."අපසමග අදහස් දැක්වූ තවත් පුද්ගලයන් පවසා සිටියේ මෙම QR ක්‍රමය ඉන්ධන අර්බුදය ආරම්භ වුණු අවදියේදීම හඳුන්වා දුන්නා නම්, පසුගිය කාලයේඉන්ධන සම්බන්ධයෙන් සිදුවුණු කිසිදු අකටයුත්තක් සිදුනොවන බවයි. කෙසේ නමුත් ඉන්ධන පිරවුම්සැල් අසල සිදුවුණු ඉන්ධන මාෆියාව නම් මෙම QR කේත ක්‍රමය නිසා අඩු වෙමින් පවතින බවද අපි දුටුවෙමු.


(කැළුම් දේවින්ද)