minuwangoda-incident

15 හැවිරිදි සිය නැගණිය හෙරොයින් ග්‍රෑමයකට හා රුපියල් 15,000ක මුදලකට සහ හෙරොයින් ජාවාරම්කරුවෙකුට විකුණූ බවට සැකකරන අක්කා ඊයේ (28) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 

මිනුවන්ගොඩ මොරගොඩවත්ත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි 26 හැවිරිදි එක්දරු මවක මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසයි.

මුදල් සහ හෙරොයින් ලබාදී එම දැරිය ලබාගත් මිනුවන්ගොඩ බටහිර නිල්පනාගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි හෙරොයින් ජාවාරම්කරුවද හෙරොයින් මිලිග්‍රෑම් 5120 ක් සමග අරුඅඩංගුවට ගෙන තිබේ.  

අදාළ දැරියගේ මව හෙරොයින්ජාවාරම් කිරිම් චෝදනාව මත බන්ධනාගාරගතව ඇත. දැරීයව විකුණූ අක්කා හෙරොයින් පානයට තදින්ම ඇබ්බැහි වී සිටින්නියක බවද පොලීසිය කියයි. දැරියගේ මව බන්ධනාගාරගත වූවායින් පසු දැරිය රැකබලාගත ඇතත් මෙම තැනැත්තිය විසින් බවට පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. මිනුවන්ගොඩ පොලීසියේ නිලධාරින් පිරිසක් විසින්අනතුරුව එම නිවසේ සිටින කුඩා දැරිය පිළිබද පොලිස් නිලධාරින් විමසා තිබේ. එම අවස්ථාවේ නිවසේ සිටි සැකකරුගේ මව සිද්ධිය අනාවරණය කිරිමෙන් පසු දැරිය පොලිසිය භාරයට ගැනීමත් අනතුරුව සැකකාර අක්කාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මව බන්ධනාගාරගත වූ දින නිවසේ තනියම සිටි මෙම බාල වයස්කාර දැරියව එම නිවසට පැමිණි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයක් පෙන්වා අපයෝජනයට ලක් කර ඇති බවට පරික්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි.

එම සැකයද හෙරොයින් ජාවාරම් කිරිම් චෝදනාවක් මත මේ වනවිට බන්ධනාගාරගතව සිටින බවට පොලිස් පරිමාවලදී අනාවරණය වී තිබේ. අදාළ දැරිය, ඇගේ අක්කා සහ දැරියව මිලට ගත් පුද්ගලයා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය පැවසීය. මේ අතර දැරිය සම්බන්ධයෙන් පරීවාස වාර්තවක් කැදවා ඇගේ ආරක්ෂාව පතා දැරියව දමා සුරැකුම් මධ්‍යස්ථානයක රදවා තබන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කරන බව පොලීසිය පැවසීය. මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප සාලිය පතිරාජසූරිය මහතාගේ උපදෙස් මත ළමා හා කාත්තා කාර්යාංශය ස්ථානාධිපතිනි උප.පො.ප.එම්.කේ රමණි, කා.පො. කො , සදමාලි යන නිලධාරිනීහු සිද්ධිය පිළිබද වැඩිදුර පරික්ෂණ සිදු කරති.