
රුපියල් මිලියන 17ක විදෙස් මුදල් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙයි.
උණ්ඩියල් ක්‍රමය හරහා විදෙස් රටකට මෙම මුදල් තොගය යැවීම සඳහා සූදානම් කර තිබූ බවත්, ඇමෙරිකානු ඩොලර් 18,208ක්, යුරෝ 20,035ක්, එංගලන්ත පවුම් 645ක්, ජපන් යෙන් ලක්ෂයක්, කටාර් රියාල් 1000, ඩිරාම් 18,500ක් මෙම මුදල් තොගය අතර තිබු බවත් විශේෂ කාර්යය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා 27 හැවිරිදි අයෙකු වන අතර ඔහුව අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Comments
Post a Comment
Your comment will be visible after approval