gotabaya-diana-passport-office

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙහි හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති බව වාර්තා වේ.
මෙම හදිසි පැමිණීම කවර කරුණක් නිසා සිදුවීද යන්න තවම වාර්තා නොවේ.
ඊයේ පාර්ලිමේන්තු සභා වාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය කතාවක් පවත්වමින් ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂ රටින්පිටව යාමේදී මුද්‍රා නොතබමින් අපහසුතාවයට ලක්කළ ආගමන විගමන නිලධාරීන් ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න යයි තමන් ඉල්ලා සිටින බවයි.


ඒ සිදුවීම වන මොහොතේ ගෝඨාභය ශ්‍රී ලංකාවේ ජනපතිලෙස සිටි බවත් ඒ ආකාරයට විධායක ජනපති කෙනෙකුට තමන්ගේ සේවය ලබා නොදීමට නිලධාරීන්ට හැකියාවක් නැතැයිද ඒ ගැන වහාම පරීක්ෂණ අවශ්‍ය යයිද ඇය කියා සිටියාය. ජනාධිපති වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික අයිතිවාසිකම් තිබූ බවත්, හිටපු ජනාධිපතිවරයා රටින් පිටත් වීමට උත්සහ කළ අවස්ථාවේ දී ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුද්‍රා තැබීමට කටයුතු නොකර එදින නීතිය අතට ගත් ආගමන විගමන නිලධාරීන් වහා හඳුනාගෙන ඔවුන් පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පැවැත් විය යුතු බව ද ඇය කියා තිබුණි.