
රන්ජන් රාමනායක මහතාට නිදහස දීම සම්බන්ධයෙන් වන ලිපි ලේඛන සියල්ල මේ වන විට සකසා අවසන් කර ඇතැයි ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සදහා අවශ්‍ය කරන ලිපි ලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍යව තිබෙන බව කී හරින් ප්‍රනාන්දු මහතා එය ලැබුණු සැනින් ජනාධිපතිවරයා රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමේ ලිපියට අත්සන් කරනු ඇතැයිද කීවේය.මේ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval