
අද දිනයේ සැලසුම් කළ දුම්රිය ගමන් වාර 22ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.ෙ
ඉන්ධන අර්බුදය නිසා මතුව ඇති ප්‍රවාහන ගැටලු හේතුවෙන් කාර්යය මණ්ඩලයට සේවයට පැමිණීමට නොහැකි වීම නිසා මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.
අවලංගුවූ දුම්රිය ගමන්වාර අතර කාර්යාල දුම්රිය කිහිපයක් ද ඇති බව වාර්තාවේ.
ඉන්ධන නොමැතිකම නිසා මේ වනවිට පුද්ගලික වාහනද ඉතා සීමිත ප්‍රමාණයක් රට තුළ සංසරණය වන අතර බොහෝ දෙනෙකුට පිහිටට ඇති එකම විකල්පය වූයේ දුම්රිය හා බස්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval