jaffna-chennai-flights-begins

යුද්ධය හේතුවෙන් නවතා තිබුණ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි කටයුතු මූලික ජාත්‍යන්තර නිරීක්ෂණ අවශ්‍යතා සහතික කරමින් 2019 නොවැම්බර් 11 වන දින  සිට ආරම්භ කළ නමුත් එම කාලසීමාව තුළ පැවති COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස 4 කින් පමණ 2020 මාර්තු 15 දින සිට

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ජාත්‍යන්තර තොටුපළේ සියලු මෙහෙයුම් කටයුතු අත්හිටුවන්නට සිදු විය. ඊට බලපෑවේ වසංගතයයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් අද (ජුලි 1) සිට යළි ආරම්භ කර ඇත.
ඒ අනුව යාපනයේ සිට දකුණු ඉන්දියාව දක්වා පෙර පැවති  ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ වන අතර ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට මින් වඩාත් පහසුවක් අත්වනු ඇත.
පහත මුල් ඡායාරූප 3 න් දැක්වෙන්නේ 1980 දශකයේ යාපනය ගුවන් තොටපළ ක්‍රියාත්මකවූ අයුරුය. අනතුරුව 2019 එය නැවත විවෘත කළ කාලයේ ඡායාරූප දැක්වේ.