swarnavahini-salary-issue

ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ සේවකයින්ගේ වැටුප් සම්බන්ධයෙන් පැනනැගි ගැටලුවක් හේතුවෙන් ඊයේ (04) දිනයේ සේවක වර්ජනයක් ක්‍රියාත්මකවූ අතර මේ හේතුවෙන් පුද්ගලයින් සම්බන්ධවී සිදු කරන  වැඩසටහන් ගණනාවක් අත්හිටුවා තිබුණි.


ඊයේ උදෑසන 10 සිට පමණ මෙම වර්ජනය ආරම්භවී ඇති බව කියැවිණි.

ඒ අනුව ටෙලි නාට්‍ය හා ගීත වැනි පටිගත කළ අංග පමණක් නාලිකාවේ විකාශය විය. දවල් 12 හා සවස 6.50 ප්‍රවෘත්ති මෙන්ම වැඩිදෙනෙකු නරඹන රාත්‍රී 8 ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්තිද විකාශයවූයේ නැත.එම වේලාවේ වෙනදා ඉදිරිපත්වන ප්‍රවෘත්ති වෙනුවට ජනප්‍රිය හින්දි ගීත නරඹන්නට ලැබිණි.
කෙසේ වෙතත් රාත්‍රී 10 ප්‍රවෘත්ති විකාශය මෙන්ම රාත්‍රී ‘ඉර‘ දේශපාලන වැඩසටහන ඉදිරිපත්විය. අද (5) වන දිනය වනවිට ප්‍රවෘත්ති විකාශය යථා තත්වයට පත්ව තිබුණි.
වසර ගණනාවකින් සේවක වැටුප් ඉහළ නොදැමීම හා ජනපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ස්වර්ණවාහිනියේ පරිපාලනයට අතගැසීම වැනි සටන් පාඨ මුල්කරගනිමින් වර්ජනය ක්‍රියාත්මකවූ අතර එම පාඨ සහිතපුවරු නාලිකා පරිශ්‍රයෙහි එල්ලා තිබුණි.