speaker-with-aragala
කථානායකවරයා සහ අරගලකරුවන් අතර සාකච්ඡාවක් අද (12) පස්වරුවේදී පැවැත්වීමට නියමිත බවට ආරංචියක් පැතිරිනි. නමුත් එම වාර්තාව අසත්‍ය බව සර්ව පාක්සික අරගලකරුවන් දන්වා ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර අරගලකරුවන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා සහභාගී වීමට නියමිත බවදකියැවිනි.




ඉදිරියේදී පිහිටුවීමට යන සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ ඔවුන්ගේ යෝජනා මෙහිදී ඉදිරිපත් කරන බවද

ඊයේ පැවති පක්ෂ නායකයන්ගේ සාකච්ඡාව අතර තුර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකඅමාත්‍ය ප්‍රසන්න රණතුංග කළ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම්කර ඇති බවද පැවසිණි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අරගලකරුවන් අතර වන සාකච්ඡාව සඳහා සහභාගී වීමට යෝජිත අරගලය කරුවන් මෙසේය.





'කථානායක විසින් සර්වපාක්ෂික එකඟතාවක් සඳහා කැඳවීමට නියමිත අරගලකරුවන්' යන හිසින් යුතුව අරගලකරුවන් 25 දෙනෙකුගේ නම් සහිතව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලියවිල්ල අසත්‍ය හා සාවද්‍ය ලියවිල්ලක් බව 'සර්වපාක්ෂික අරගලකරුවෝ' පවසයි

සමාජ මාධ්‍ය ජාලවල පළ වී ඇති නම් ලැයිස්තුව ගැන පැහැදිලි කරමින් 'සර්වපාක්ෂික අරගලකරුවෝ' මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මෙසේ සඳහන් වේ.

''ගරු කථානායකතුමා විසින් සර්වපාක්ෂික එකඟතාවක් සඳහා කැඳවීමට නියමිත අරගලකරුවන්' යන හිසින් යුතුව අරගලකරුවන් 25 දෙනෙකුගේ නම් සහිතව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලියවිල්ල අසත්‍ය හා සාවද්‍ය ලියවිල්ලකි.



සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ සභාපති මංජුල සමරසේකර සහ ලේකම් සමිත් බෝධිපක්ෂ යන අයගේ නම් ද අදාළ ලැයිස්තුවේ සඳහන් වන අතර, එවැනි ලියවිල්ලක් පිළිබඳ අප සංවිධානය කිසිසේත් දැනුවත් නොවන බවත්, කිසිදු පුද්ගලයෙකු හෝ පාර්ශ්වයක් එවැනි රැස්වීමක් සම්බන්ධයෙන් අපගෙන් කිසිදු විමසීමක් සිදු කර නොමැති බවත් අවධාරණය කරමු.

එමෙන්ම ගෝල්ෆේස් අරගල භූමිය විසින් ඉදිරියේදී ගනු ලබන තීන්දු තීරණ මත මෙවැනි සාකච්ඡා සඳහා එළඹීම හෝ වෙනත් ක්‍රියාමාර්ගවලට එළඹීම සම්බන්ධයෙන් අපගේ ස්ථාවරයන්ට එළඹෙන අතර, මෙවැනි වංචනික සහ අසත්‍ය ප්‍රකාශන සහ ලියවිලිවලට හසුනොවන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමු.