temple-trees-mediaunit-theft

අරලියගහ මන්දිරයේ මාධ්‍ය අංශයේ තිබූ උපකරණ සොරාගෙන ගොස් ඇති බව අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු අරලියගහ මන්දිරයේ පදිංචියට නොගිය නමුත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ කොටසක් පමණක් අරලියගහ මන්දිර පරිශ්‍රයෙහි ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරිණි.
මාධ්‍ය අංශයේ තිබූ ලැප්ටොප් දෙකක්, වීඩියෝ කැමරාවක් හා තවත් කැමරා උපකරණ මෙලෙස සොරාගෙන ගොස් ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
මෙම උපකරණ ඉකුත් 9වැනි දා අරගලකරුවන් අරලියගහ මන්දිරයට ඇතුළත් වීමෙන් පසුව නැති වී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
එමෙන්ම අරලියගහ මන්දිරයේ බිත්ති අතර ගුල් හාරා ඇති බවත් දොර අගුළු කඩා දමා ලියකියවිලි විනාශ කර බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.