
ඊයේ රාත්‍රී රටින් පිටව යාමට සිදුකළ උත්සාහය අසාර්ථක වීමෙන් පසුව උගන්ඩාවේ සිට මත්තල වෙත පැමිණෙන පුද්ගලික ජෙට් යානයක් හරහා ජනපති ගෝඨාභය රාජපක්ෂ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු 17 දෙනෙකුගේ පිරිසක් අද (12) දහවල් ශ්‍රී ලංකාවෙන් පිටව යාමට නියමිත බවට කතාවක් පැතිර ගොස් ඇත.
මේ බව වාර්තා කරන්නේ පොලිසියෙන් දේශපාලනය මුදාගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රකාශකවරයාය. ඔහු මින් ඉහත හෙලි කළ එවැනි සිදුවීම් ගණනාවක් නිවැරදිවූ අතර පසුගිය මැයි 9 ප්‍රහාරය ගැන සිදුවූ අයුරින්ම මැයි 8 වනදා ඔහු හෙළිකර තිබුනි.
පිටව යන 17 දෙනා අතර ගොඨා බැසිල්ට අමතරව එම රාජපක්ෂ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු සිටින බව වාර්තාවන නමුත් නම් වශයෙන් හෙළිව නැත.
දැනට කටුනායක කඳවුරක රැඳී සිටින බව පැවසෙන මොවුන් හෙලිකොප්ටර් මාර්ගයෙන් මත්තල වෙත ගොස් පසුව ජෙට් යානයෙන් පිටත්වනු ඇතැයි පැවසේ. පිටව යන ගමනාන්තය ඩුබායි වනු ඇතැයිද පැවසේ.
මින් ඉහත මහින්ද රාජපක්ෂට විදේශගතවීමටද උගන්ඩාවේ සිට එන ජෙට් යානයක් උදව් කර තිබුනේ එහි හිමිකරු මහින්දගේ හිතවත් වයාපාරිකයෙකු වූනිසාය.
රාජපක්ෂලා 6 දෙනෙකු රැගත් බෙල් 412 වර්ගයේ ගුවන් හමුදා හෙළිකොප්ටරයක් කටුනායකින් පිටත්ව මත්තල බලා දහවල් 12.30 ට ගුවන් ගත වූ බවටද ආරංචි පැතිර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval