nayera-naira-murder-egypt

ඊජිප්තුවේ සරසවි සිසුවියක ඝාතනයට ලක්වූ සිදුවීමක්  පසුගිය දිනවල එරට සමාජ මාධ්‍ය තුළ විශාල ආන්දෝලනයක් ඇති කර තිබුණි. ප්‍රේම පරාජිත සරසවි සිසුවෙකු අතින් ඇය ඝාතනය වන්නේ මහමගදීය. ඇය මරාදමන අයුරු වීඩියෝව එරට සමාජ මාධ්‍ය තුළ විශාල ලෙස පැතිරණි.


ඝාතකයා පොලිසිය අල්ලාගත් පසු ඔහු කළ පාපොච්චාරණයටද විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබේ.

නයිරා අෂ්රෆ් සිසුවියගේ ඝාතකයා එල්ලන විට එය සජීවීව විකාශය කරන ලෙස ඊජිප්තු අධිකරණයක් රජයෙන් ඉල්ලා තිබේ. අහිංසක ගැහැණු ළමයින් සෙල්ලම් බඩු ලෙස සලකන අයට දඬුවම් කිරීම ආදර්ශයක් විය යුතු බව අධිකරණය පැවසීය.

නයිරා අෂ්රෆ් 21 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. ජූනි 20 වැනිදා කයිරෝ නුවරට නුදුරින් ඇයව පිහියෙන් ඇන ඝාතනය කරන ලදී. වරදකරුගේ නම මොහොමඩ් අඩාල්ය. සිද්ධියෙන් පසු ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි.
අඩාල් විශ්වවිද්‍යාලයේ නයිරාගේ ජ්‍යෙෂ්ඨයා විය.පසුගිය මාසයේ උසාවියේ මේ ගැන විභාගයක් පැවැත්විණි. මොහොමඩ් අඩල් අපරාධය පාපොච්චාරණය කළේය. ඔහු කියන්නේ නයිරා සමඟ විවාහ වීමට අවශ්‍ය වුනා. මං ගෙනා යෝජනාව ඇය ප්‍රතික්ෂේප කළා කෝපයෙන් මං ඇය මැරුවා.. ලෙසිනි. දින දෙකක නඩු විභාගයකින් පසු අධිකරණය තීන්දුව ලබා දුන්නේය - ආඩාල්ට මරණ දණ්ඩනය දිය යුතු බවය.



නයිරා ඝාතනය කෙරුණේ කයිරෝ අගනුවරට කිලෝමීටර් 80ක් දුරින් පිහිටි මන්ෂුරාහිදීය. විශේෂත්වය වන්නේ නයිරාගේ ඝාතනයේ වීඩියෝවද සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස පැතිර යාමයි. මිනීමරුවාගේ අණ පරිදි ඔහුගේ මිතුරෙකු එය පතුරා තිබුනි. පසුව මෙම අන්තර්ගතය එනම් වීඩියෝව සියලුම සමාජ මාධ්‍ය වේදිකාවලින් ඉවත් කරන ලදී.

ආඩාල් එල්ලා මැරීමට නියෝග කළ මන්ෂුරා අපරාධ අධිකරණය ඉරිදා රජයෙන් ඉතා වැදගත් ඉල්ලීමක් කළේය. එනම් නයිරාගේ ඝාතකයාගේ මරණ දණ්ඩනය සජීවීව විකාශය කිරීමට රජයේ සහ පෞද්ගලික රූපවාහිනී නාලිකාවලට දන්වන ලෙසයි. රජය නීතිය වෙනස් කළ යුතුයි. මානසික රෝගීන්ට සහ අපරාධකාරී මානසිකත්වය ඇති අයට පාඩමක් ඉගැන්විය යුතුය. දඬුවම සජීවීව දකින විට ඔහුගේ ආත්මය වෙව්ලනු ඇත. අධිකරණයේදී ප්‍රකාශ විය.

අධිකරණයේ මේ ඉල්ලීම රජය පිළිගනු ඇතැයි වාර්තා පළව තිබේ.1998 දී කයිරෝ නුවරදී පිරිමි තිදෙනෙකු විසින් කාන්තාවක සහ ඇගේ දරුවන් දෙදෙනා ඝාතනය කරන ලදී. ඔවුන් සියල්ලන්ම එල්ලා මරා දමන ලදී. මෙම දඩුවම එරට රූපවාහිනියේ සජීවීව විකාශය විය.










ඝාතන සිදුවීම ගැන අල්ජසීරා වීඩියෝව පහතින්