
දැනට පවතින ප්‍රවාහන අපහසුතා හා පාසල් බස් රථ ගාස්තු ඉහළ යාමට විසඳුමක් ලෙස ලබන පළමු වැනිදා සිට පාසල් සිසුන් සඳහා පෞද්ගලික බස් රථ යොදා ගනිමින් නව බස් සේවාවක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව සෑම පාසලක්ම අවරණය වන පරිදි පාසල ආරම්භ වන වේලාව හා අවසන් වන වේලාව ඉලක්ක කර ගනිමින් මෙම බස් රථ යෙදවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
පාසල් සිසුන් ප්‍රවාහනය කරන එම බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන නිකුත් කෙරෙනු ඇති අතර මෙයට අමතරව සිසු සැරිය බස් සේවාව ද විධිමත් කිරීමට සැලසුම් කර ඇත.
ළමුන් හා ගුරුවරුන් මුහුණ දී ඇති ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මේ වනවිට පාසල් පැවැත්වෙන්නේ සතියකට දින 3 ක් පමණක් වන අතර ඊට පිලියම් සෙවීමේ එක් විසඳුමක් ලෙස මෙය සිදුවේ.
ඉදිරි සතියේ පාසල් පැවැත්වෙන ආකාරය පිළිබඳ සෙනසුරාදා දිනයේ පැවැත්වෙන සාකච්ඡාවකදී තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
Comments
Post a Comment
Your comment will be visible after approval