
ඊයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ රුසියානු ජනපති පුටින් සමග සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස
ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙකු අද (ජූලි 7) උදෑසන මෙරටට පැමිණි බව ගුවන් තොටුපළ ආරංචි සනාථ කර තිබේ.
බහරේන් සිට ගල්ෆ් එයා ගුවන් සේවයේ ජී.එෆ්. – 144 දරන ගුවන් යානයෙන් අද උදෑසන 9.00ට කටුනායක ගුවන්තොටුපළ වෙත ඔවුන්ට එන්නට සිදුවූ බවත් මොස්කව් - කටුනායක අතර ජාත්‍යන්තර ඍජු ගුවන් ගමන් ඇණ හිට තිබීම නිසා බහරේන් හරහා මෙලෙස ආ බවත් පැවසිණි.
ඔවුන් පිළිගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බවද වාර්තා විය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ විශේෂයෙන් හමුවී රුසියාවෙන් තෙල් ගෙන්වන යෝජනාව ඉදිරිපත් කර තිබුනේ විමල් වීරවංශ ප්‍රමුඛ කණ්ඩායම වන අතර ඒ අනුව ජනපතිවරයා 6 වනදා පුටින්ට කථාකර සිය අවශ්‍යතාව දන්වා තිබුණි.
ශ්‍රී ලංකාවේ තෙල් ප්‍රශ්නය රුසියාව ලවා විසඳන්නට අගමැති රනිල් උනන්දුවී නොතිබුනේ රුසියාව සමග සම්බන්ධවූවොත් අයිඑම්එෆ් ආධාර ඇමරිකානු බලපෑම් මත නොලැබී යනු ඇති බවට මතුවූ සැකය නිසාය.
Comments
Post a Comment
Your comment will be visible after approval