Boris-Johnson-on-the-brink-as-dozens-of-his-ministers-resign

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ පුටුව කැළඹී තිබේ. ඊයේ 06  බදාදා සවස වන විට කැබිනට් ඇමතිවරුන් 17 දෙනෙකු, පාර්ලිමේන්තු ලේකම්වරුන් 12 දෙනෙකු සහ විදේශයන් විසින් පත් කරන ලද රජයේ නියෝජිතයින් තිදෙනෙකු ඉල්ලා අස්වී තිබුණි. 

ඉල්ලා අස්වූ සියලුම දෙනා ජොන්සන්ගේ ක්‍රියා විලාසය පිළිකුලට ලක් කර ඇත. මීට බලපෑ හේතු රැසක් වන අතර මූලිකවී ඇත්තේ දෙකකි., අගුලු දැමීමේ සාදයක් සහ සමහර නායකයින් සම්බන්ධ ලිංගික අපකීර්තිය පිළිබඳව ගැටළුවක් ඒ අතර ප්‍රධානවේ.

කැබිනට් මණ්ඩලයේ මතුවූ මෙම කැරැල්ල නොතකා, ජොන්සන් තනතුරේ රැඳී සිටීමට දැඩි තීරණයක සිටින බවද වාර්තා විය.

ඔහු ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇත. බොරිස් කියා සිටියේ තමාට තවමත් බොහෝ කැබිනට් සාමාජිකයින්ගේ සහාය ලැබෙන බවයි.

මේ අතර, නව මුදල් අමාත්‍ය නදීම් ජාහාවි ජොන්සන්ට උපදෙස් දී ඇත්තේ ඔහු පත්වී පැය 24ක් ඇතුළත ඉල්ලා අස්වන ලෙසයි . මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රිෂි සුනක් ඉල්ලා අස්වීමෙන් පසු ජොන්සන් එම තනතුර ජාහාවිට ලබා දුන්නේය. ප්‍රබල කැබිනට් ඇමතිවරයෙකු වන මයිකල් ගෝව් ද ජොන්සන්ට ඉල්ලා අස්වන ලෙස උපදෙස් දුන්නේය. මෙයින් පසු බොරිස් ජොන්සන් ඔහුව එම තනතුරෙන් ඉවත් කර ඇත.

පින්චර්ගේ ලිංගික අපවාදයට එරෙහි කැරැල්ල ජොන්සන්ගේ පාලනය එපාවීමට තුඩුදුන් එක්හේතුවකි.
බොරිස් ජොන්සන්ගේ විශ්වාසවන්ත නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක ක්‍රිස් පින්චර් පසුගිය ජුනි 30 වැනි දින ලිංගික අපවාදයක පැටලී සිටියේය. ඔහුද ඉල්ලා අස්වී තිබුණි. නමුත් පක්ෂයේ අය චෝදනා කරන්නේ පින්චර්ට එරෙහිව ලිංගික අපචාර සිද්ධි 6ක් තිබෙන බවයි. අගමැති ජොන්සන් මේ සියල්ල දැන සිටි බවට ඉල්ලා අස්වූ ඇමැතිවරු චෝදනා කරති.
 දූෂණ චෝදනා එල්ල වී ඇති ක්‍රිස් පින්වර්  මන්ත්‍රීවරයාට පසුගිය දා රජයේ තනතුරක් පිරිනැමීමට ද අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කටයුතු කළේය.තම ධුරය අවභාවිතයට ලක්  කළ ක්‍රිස් පින්චර් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් හෝ විනය පරික්ෂණයක් හෝ නොපවත්වා ඔහුට රජයේ ඉහළ තනතුරක් ලබා දීම අනුමත නොවීය.
 ‘කොවිඩ්’ වසංගත සමයේ  රට ලොක්ඩවුන් කර, ජනතාව නිවෙස්වලට කොටු කරන් තිබියදී,බොරිස් ජොන්සන්, ඔහුගේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් අවස්ථා කීපයකදී උපන් දින සාද පැවැත්වීය.  සෞඛ්‍ය උපදෙස් අනුව, රජය පනවනු ලැබූ සෞඛ්‍ය තහංචි උල්ලංඝනය කරමින්, සාද පැවැත්වීම පාර්ලිමේන්තුවට අනාවරණය කළේ විපක්ෂයයි.
මුලදී විපක්ෂයේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළත්, සාක්ෂි ඉදිරිපත් වෙද්දී තමන් රහසේ මධුවිත සාද පැවැත්වූ බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පිළිගත්තේය. රටේ ජනතාවගෙන් ද සමාව ඉල්ලීමක් කළේය. නිරෝධායන නීති කඩකිරිම සම්බන්ධයෙන් දඩ ගෙවීමක් ද කළේය.
අගමැති නියෝජනය කරන කොන්සර්වේටිව් පක්ෂ ආධාරකරුවන් පවසන්නේද බොරිස් ජොන්සන් ඉවත් විය යුතු බවයි.

බදාදා YouGov විසින් කරන ලද සමීක්ෂණයකදී, ප්‍රථම වරට පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ආධාරකරුවන්ගෙන් සියයට 54 ක් කියා සිටියේ බොරිස් ඉවත් විය යුතු බවයි. ජූනි මස සමීක්ෂණයේදී බොරිස්ට ඉවත් වන ලෙස ඉල්ලා ඇත්තේ සියයට 34ක් පමණි. සමීක්ෂණයට ලක් කළ බ්‍රිතාන්‍ය ජනතාවගෙන් සියයට 70ක් බොරිස්ගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටිති.

ජුලි 21 සිට පාර්ලිමේන්තුව විරාමය, ඡන්දය ප්‍රකාශ කිරීමට සුදානම් වීමට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ජූලි 21 වනදා සිට විරාම ගැන්වේ. පාර්ලිමේන්තු නිවාඩුවට පෙර කැරලිකාර මන්ත්‍රීවරුන්ට සහ නායකයින්ට අවශ්‍ය වන්නේ ඔවුන්ට වාසිදායක වාතාවරණයක් ඇති කර ගැනීමට ය. ඒ නිසා අගමැති ජොන්සන්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ හැකියි. ඒ සමගම, පාලක කොන්සර්වේටිව් විධායක රැස්වීම කැඳවා නව නායකයෙකු තෝරා ගැනීම පැවැත්විය හැකිය.

ජොන්සන්ගේ ආරවුල මත බ්‍රිතාන්‍යයට නව අගමැති කෙනෙකු පත් කිරීමකින් අවසන් වනු ඇති බවට අදහස් පළව තිබේ.
හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනක්  සහ විදේශ පොදු ධනය හා සංවර්ධන කටයුතු පිළිබඳ ලේකම් ලිස් ට්‍රස් නව අගමැතිවරයා සඳහා වන තරගයේ ඉදිරියෙන් සිටී. කොරෝනා සහන පැකේජය නිසා රිෂි සුනක් ඉතා ජනප්‍රිය චරිතයකි.
අගමැති ධූරය සඳහා තරඟකරුවන් අතර වත්මන් මුදල් අමාත්‍ය නදීම් ජාහාවි සහ හිටපු විදේශ අමාත්‍ය ජෙරමි හන්ට් ද තරඟයේ සිටිති. හිටපු ආරක්ෂක ඇමති පෙනී මර්ජොට්ට ද හිමිකම් පෑමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. බොරිස් ජොන්සන්ට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ දැඩි ලෙස හඬ නැගු අතර ඒ අනුව 7 දෙනෙකු පමණ අගමැති ධූර අපේක්ෂාවෙන් පසුවේ.