nandalal-speaks

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (7) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේ සිය පුරෝකථනවලට අනුව උද්ධමනය කෙටිකාලීනව තවදුරටත් වැඩිවීමේ හැකියාවක් පවතින බවත් ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය සියයට 70ක් දක්වා වැඩිවිය හැකි බවත්ය. ඔහු පවසන්නේ මෙලෙස වැඩිවන නමුත් 2023 වසරේ මුලසිට උද්ධමනය විශාල වශයෙන් අඩුවිය හැකි බවය.


අඩුවීමට බලපාන්නේ දැනට ගෙන ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග බවද පෙන්වා දෙයි. ගෝලීය තෙල්මිල සහ අහාර මිලද මෙහිදී සැලකිල්ලට ගත් බව ඔහු කීය.
මේ අතර මෙරට විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගනිමින් පවතින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡාවල සැළකියයුතු ප්‍රගතියක් පවතින බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) පොලී අනුපාත තවදුරටත් ඉහළ නැංවීමට තීරණය කර තිබෙන බවද පැවසීය.
ඒ අනුව, CBSL හි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් ලකුණු 100 බැගින් පිළිවෙළින් සියයට 14.5 සහ සියයට 15.5 දක්වා ඉහළ නංවා ඇත.
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය දැනට පවතින සියයට 4.00 මට්ටමේම පවත්වාගෙන යන බවද  නිවේදනය කර ඇත.
ඊයේ (ජුලි 06) පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.