pakistan-imf

එක්සත් ජනපද ඩොලර් බිලියන 6ක ණය පහසුකමක් සඳහා පාකිස්තානය සමගින් පැවැති නිලධාරීන් මට්ටමේ සාකච්ඡාවක්හිදී එකඟතාවකට පැමිණීමට හැකි වු බව ජාත්‍යන්තර මූලය අරමුදල (IMF) පවසයි. ඒ අනුව මෙම ණය පහසුකම යටතේ ලබා දෙන පළමු ණය වාරිකය ලෙස එක්සත් ජනපද ඩොලර් බිලියන  1.7ක මුදල නුදුරේදීම පාකිස්තානය වෙත හිමි වනු ඇතැයි වාර්තා කර තිබේ.



ශ්‍රී ලංකාවට සමගාමීව ආර්ථික අර්බුදයට ලක්වූ පාකිස්තානය මෙම ණය මුදලලබාගැනීම ඉක්මණින් සිදු කර තිබේ.
 වර්තමානයේදී දරුණු ආර්ථික අර්බුදයකට පත්ව තිබෙන පාකිස්තානයේ ජනතාවට යම් අස්වැසිල්ලක් වනු ඇතැයි ආර්ථික විශේෂඥයන්ගේ අදහස වී තිබේ.
මේ සම්බන්ධයෙන් සිය වෙබ් අඩවියෙ සටහනක් තබා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම එකගතාව සදහන් කර සිටියි. දැනටමත් පාකිස්තානය මෙම ණය පහසුකම සඳහා වන IMF කොන්දේසි සම්පුර්ණ කිරීමට කටයුතු කිරීම නිසා එහිදී ගැටලුවක් මතු නොවනු ඇතැයි වාර්තාවේ. ඒ යටතේ දැනටමත් පාකිස්තානය සිය රාජ්‍ය බදු ආදායම ඉහළ නංවා ගැනීමට කටයුතු කර ඇති අතර, බලශක්ති මිල ගණන්ද ඉහළ නංවා තිබේ. එම රාජ්‍ය වියදම් සීමා කිරීමටද පාකිස්තානය කටයුතු යොදා ඇත.

"පාකිස්තානය ඉදිරිපත් කර තිබූ විස්තිර්ණ ණය පහසුකම් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාකිස්තාන බලධාරීන් සමගින් පැවැත්වූ ඒකාබද්ධ හත්වැනි සහ අටවැනි නිලධාරී මට්ටමේ සාකච්ඡා සාර්ථක ලෙස නිම කරන්නට හැකියාව ලැබී තිබෙනවා,

විධායක කට්ටුවේ අනුමැතිය හිටීමෙන් අනතුරුව ඩොලර් මිලියන 1,177ක මුදලක් පාකිස්තානය වෙත හිමි වේවි." යනුවෙන් පවසා තිබේ. ඒ අනුව, මෙම ණය පහසුකම මගින් මේ දක්වා පාකිස්තානය වත ලබා දී ඇති අරමුදල වටිනාකම ඩොලර් බිලියන 4.2ක් බවට පත්වනු ඇතැයිද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහිදී තවදුරටත් සදහන් කර තිබේ. මේ අතර ලබන වසරේ ජුනි මාසය දක්වාම ක්‍රියාත්මක වන ණය පහසුකම් සැලසීමක් යටතේ ජාත්‍යත්තර මූල්‍ය අරමුදල මගින් පාකිස්තානයට ලබා දෙනමම විස්තීරණ අරමුදල් පහසුකම් වටිනාකම ඩොලර් බිලියන 7ක් දක්වා වර්ධනය කිරීමටද අවස්ථාවක් ඇතයි විදෙස් මාධ්‍ය පවසා සිටියි.