
ගෝල්ෆේස් අරගලකරුවන්ගේ නියෝජිතයන් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක අද (17) සවස හමුවී සාකච්ඡා කළ අතර අනාගත බල ව්‍යාපෘතියක නොයෙදෙන දෙදෙනෙකු ජනාධිපති සහ අගමැති වන්නේ නම් තමන් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත්වීමෙන් වැළකී සිටින බව අනුර දිසානායක අවධාරණය කරනු ලැබීය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු පක්ෂ සමඟ සාකච්ඡා කළ ද එය සාර්ථක නොවීම හමුවේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අරගලකරුවන් සමඟ සාකච්ඡා කරනු ලැබීය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගත හැකි නම් එහි කටයුතු අධීක්ෂණය කිරීමට හෝ මැදිහත්වීම සඳහා අරගලකරුවන්ගේ සහභාගීත්වයෙන් සභාවක් පිහිටුවීම තම ස්ථාවරය බව මෙහිදී ජාතික ජන බලවේගයේ මතය ප්‍රකාශ කරනු ලැබීය.




Comments
Post a Comment
Your comment will be visible after approval