fuel-price-down

අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නිතිගත සංස්ථාව හා LIOC සමාගම යන දෙකම පෙට්‍රල් සහ ඩීසල් මිල පහළ දැමීමට තීරණය කර ඇත.


 ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් පහළ දමනු ඇත ඒ අනුව එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 450 කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් පහළ දැමීමට පියවර ගෙන ඇත .ඒ අනුව එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 540කි. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 20කි පහළ දැමේ.ඒ අනුව එම ඩීසල් ලීටරයක නව මිල රුපියල් 440කි.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දමනු ලබයි.
එහි නව මිල රුපියල් 510කි.
නව රජය යටතේ ඉන්ධන මිල පහළ ගිය පළමු අවස්ථාව මෙයයි. මිල සූත්‍රය අනුව මෙය සිදුවිය.
කෙසේ වෙතත් ඉන්ධන මිල අඩුවුවත් ඉන්ධන ඉතා විරලය.
මේ අතර සිපෙට්කෝ නිවේදනය කරන්නේ ලබන ජුලි 21 සිට අඛණ්ඩව ඉන්ධන නිකුත් කිරීමේ හැකියාව ඇති බවයි. ඒ නිසා පෝලිම් වල රැඳී නොසිටින ලෙසද දන්වා ඇත.
ඉන්ධන බලපත්‍ර ක්‍රමය අනුව ලබාදීම තවම අරඹා නැත.