
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නතර කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ පැනනැගී ඇති ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. ඉන්ධන අර්බුදය හේතුවෙන් අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයේ පිලිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියරේ කටයුතු තාවකාලිකව නතරකළ බවත්
ඉන්ධන ගැටලුවට විසදුමක් ලැබුණු පසු එම කටයුතු යළි ආරම්භ කරන බවත් විභාග කොමසාරිස් ජෙනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා ප්‍රකාශ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval