යුද හමුදා කඳවුරුවලින් වෛද්‍යවරුන්ට ඉන්ධන ලබාදීමට තීරණය වී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා සඳහන් කරනුයේ වෛද්‍යවරුන්ට ළඟම පිහිටි යුද හමුදා කඳවුරෙන් ඉන්ධන ලබාගැනීමේ පහසුකම් සැපයීමට යුද හමුදාපතිවරයාද සිය කැමැත්ත පළකර ඇති බවය.



ඉන්ධන ලබාගැනීමේදී වෛද්‍යරුන්ට ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගැනීමේදී ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවූ කළහාකාරී සිදුවීම් ගැන සැළකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බවද ලේකම්වරයා සඳහන් කළේය.

වෛද්‍යවරුන්ට අමතරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි හා ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු හා පළතුරු ප්‍රවාහනය කරන රථ සඳහා ද යුද හමුදා කඳවුරුවලින් ඉන්ධන නිකුත් කිරීමට තීරණය වී තිබේ.



නුවරඑළිය ,කැප්පෙටිපොල ,දඹුල්ල ,තඹුත්තේගම,මීගොඩ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ආසන්න යුද හමුදා කඳවුරුවලින් ඒ සඳහා ඉන්ධන නිකුත් කෙරෙනු ඇති.