
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ම මුහුදු රළ ගොඩට ගසා ඇති සිදුවීම් කිහිපයක් අද වාර්තා විය. දෙහිවල, අම්බලන්ගොඩ සහ ගාල්ල යන ප්‍රදේශවල ස්ථාන කිහිපයක ම මුහුදු රළ ගොඩට පැමිණ ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ මෙලෙස මුහුදු රළ ගොඩට පැමිණීමට හේතුව පවතින දැඩි සුළං තත්ත්වයත්, මුහුදේ කැළඹිලි ස්වභාවයත් බවයි.
රළ ගොඩගැසීමේ සිදුවීම් හේතුවෙන් ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අකුරල, කහව, තෙල්වත්ත යන ප්‍රදේශවල ගමනාගමන කටයුතුවලට ද බාධාද එල්ල වූ බව වාර්තාවිය.
නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්ත්වයේ වැඩිවීමක් අද (02) දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිවේදනය කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval