nuwara-eliya-incident

අපරාධ විමර්ශන අංශ නිලධාරියකු යැයි පවසමින් 38 හැවිරිදි දෙදරු මවක අපයෝජනය කල් යයි කියන සිද්ධියක් සම්බන්ධයක් සැකකරුවෙකු නුවරඑළිය පොලීසිය විසින් පෙරේදා (26දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.  අදාළ 38 හැවිරිදි දෙදරු මව සැමියාගෙන් වෙන් වී සිටින බවත්, ඇය විසින් මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 21 හැවිරිදි පුද්ගලයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවද පොලීසිය පවසයි.

ඉකුත් (16) නුවරඑළිය ප්‍රදේශයේදී මෙම දෙදෙනා කතා කරමින් සිටියදී සැකකරු තමන් අපරාධ විමර්ශන අංශ නිලධාරීයෙකු යයි පවසමින් දෙදෙනාගෙන් ප්‍රශ්න කර දෙදෙනාගේ වයස්පරතරය ගළපෙන් නැති බව පවසමින් දෙදරු මව කතා කරමින් සිටි මහියංගණය ප්‍රදේශයේ තරුණයා පළවා හැරීමට සකකරු ක්‍රියා කර ඇති බව පොලීසිය පවසයි. දෙදෙනාගේ සම්බන්ධතාව පිළිබද ජංගම දුරකථනය ඔස්සේ ඡායාරූපගත කළ බවත්, එය සමාජ මාධ්‍යයට මුදාහරින බව පවසා තමත් බිය ගන්වා තුරග තුරග පිටිය දෙසට කැදවාගෙන ගොස් බලහත්කාරයෙන් තමන් අපයෝජනය කළ බවට අගතියට පත් කාන්තාව විසින් නුවරඑළිය පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අපයෝජනයට ලක් වූයේ යැයි කියන කාන්තාව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවත්, අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව නුවරඑළිය පොලිසිය පැවසීය.නුවරඑළිය පොලීසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සිද්ධිය පිළිබද වැඩිදුර පරික්ෂණ සිදු කරයි.