all-party-maithripala

සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් රජයට මේ දක්වා කිසිදු අදහසක් ඇතැයි දන්වා නැති බවත් ආණ්ඩුව මුලින් ප්‍රකාශ කළ පරිදි කටයුතු නොකිරීම ගැටලුවක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.


අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු එසේ කීය.

මේ හේතුවෙන් ඊයේ හදිසි නීතිය සඳහා සහය නොදීමට ශ්‍රීලනිපය තීරණය කළ බවත් ජනතාව ගැන සිතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සම්බන්ධයෙන් අද දිනයේදී  ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කරන්නට යන බවත් ඔහු කීය.
කෙසේ වෙතත් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් වන අතර ශ්‍රීලනිපයේ යෝජනා ඉදිරිපත් කරන්නේ පන්දම් අල්ලන්නට නොවන බවත් රට වැටී ඇති තත්වයෙන් ගොඩගැනීමට පවතින උවමනාව නිසා බවත් පැහැදිලි කළේය.
 ජනාධිපතිවරයාගේ ප්‍රතිචාර අනුව ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද  ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් කිසිදු පසුතැවීමක් නැති බවත් අවධාරණය කළේය.