morawalapitiya-incident

අවමගුල් උත්සවයකට සහභාගි වීමට ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක තිබූ ගිනිඅවියක් හා පතොරොම් 07ක් සමග සකකරුවන් 06දෙනකු අලව්ව පොලීසිය විසින් (24දා) මොරවලපිටිය ඉන්ධන පිරවුමිහල අසලදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 

ඇහැලියගොඩ, පිංදෙණිය, දියහොදැල්ල, පිලවලගාන හා මඩුව යන ප්‍රදේශවල පදිංචි 33 - 55 හැවිරිදි වියේ පසුවන පිරිසක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති. කොටියාකුඹුර සිට හෙට්ටිපොළ ප්‍රදේශයේ අවමගුල් උත්සවයකට සහභාගි වීමට සිටි පිරිසක් රැගෙන ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය අලව්ව මොරවලපිටිය ඉන්ධන පිරවුම්හල අසලදී ඉන්ධන ලබා ගැනීමට තිබූ වාහන පෝලිම නිසා ඇති වූ මාර්ග තදබදය හේත්තුවෙන් මෙම බස් රථයේ පැමිණි පිරිස හා ප්‍රදේශවාසීන් සමග ඇතිවූ බහින්බස්වීම පහරදීමක් දක්වා දුර දිග ගොස් ඇත.

එහිදී මෙම බස් රථයේ ගිනිඅවියක් ඇති බවට ප්‍රදේශවාසීන් දැක ඇති අතර ඒ පිළිබද අලව්ව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඒ අනුව අලව්ව පොලීසිය විසින් බස් රථය සෝදිසි කිරීමේදී එහි සිටි පුද්ගලයෙකු සතුව තිබූ අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයක් හා එයට යොදන පතොරොම් 07ක් සොයා ගනු ලැබ තිබේ.  ගිනිඅවියළග තබා ගෙන සිටි සැකකරු විශ්‍රාමික හමුදා නිලධාරියකු බවට අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.