ranil-sagala

ජනාධිපති  කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කරනු ලැබ තිබේ.

ඊට අමතරව  ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක තනතුරට ද සාගල රත්නායක මහතා පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහත පත්කිරීම් සිදුකරනු ලැබ තිබෙයි.

සාගල රත්නායක මහතා යහපාලන රජයේ නීතිය හා සාමය  අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.