
වැල්ලවායේ කොටවෙහෙරගල ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි 11 හැවිරිදි දරුවකු විදුලි සැර වැදීමෙන් ඊයේ (24) දහවල් මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ මල්වත්තාවල විද්‍යාලයේ 06 වන වසරේ ඉගෙනුම ලැබූ ආර්.එම්. නුවන් නෙත්සර නමැති දරුවෙකි. ඥාති නිවෙසේ සිටි දරුවා සමග සෙල්ලම් කරමින් සිට ඇති ඔහු අසල පිහිටි කොස්ගසක් අසලට ගොස් ඇති අතර එම ස්ථානයේ අටවා තිබූ විදුලි රැහැනක මෙම දරුවා පැටලී මියගොස් තිබේ.
සෙල්ලම් කරමින් සිටි දරුවා නොමැති බව දැන සොයන විට නුවන් අයියා වැටි දගලනවා යැයි ඥාති නිවසේ දරුවා මවුපියන්ට පවසා ඇති අතර ඒ අවස්ථාවෙම දරුවා රෝහලට රැගෙනවිත් ඇත. මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය වැල්ලවාය හදිසි මරණ පරික්ෂක එච්.එම්.ජේ. හේරත් මහතා විසින් සිදුකරනු ලැබූ අතර විදුලි රැහැන් ඇද තිබූ කම්බි හා වයර් පොලිසිය හා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් විසින් සොයා ගනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
-අයි.ආර්. ඉන්දික-
Comments
Post a Comment
Your comment will be visible after approval