milk-egg-chicken-production-down

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට දෛනික කිරි, බිත්තර හා කුකුළුමස් නිෂ්පාදනය විශාල ලෙස පහත වැටී ඇති බව කෘෂිකර්ම  අමාත්‍යාංශය  පෙන්වා දෙයි.එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේ, සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු, සෝයා බෝංචි, සෝගම් හා තෘණවල විශාල හිඟයක් පැවතීම මීට හේතු වී ඇති බවයි. 

මේ අතර ගැබිනි මවුවරුන්ට හා දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු, මුං ඇට හා සෝයා බෝංචි හිඟය හේතුවෙන් රජයේ එම කර්මාන්ත ශාලාවද වැසී ගොස් ඇති බවකෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වාදෙයි. මෙවර යල කන්නයේ බඩඉරිඟු වගා කරන ලද ගොවීන් සඳහා යූරියා පොහොර නිකුත් කිරීම අනිවාර්ය වන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා අවධාරණය කළේය. ඒ අනුව ඉන්දියාවෙන් මෙරටට ලැබීමට නියමිත යූරියා පොහොර තොගයෙන් කොටසක් බඩඉරිඟු වගාව සඳහා නිකුත් කරන ලෙසද හෙතෙම නිලධාරීන්ට උපදෙස් දී තිබිණි. මේ අතර ඉන්දීය රජය විසින් ලබාදෙන යූරියා පොහොර තොගය මෙම මස පළමු සතිය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවද කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

(නිදර්ශණි වික්‍රමසිංහ)