
ඉදිරියේදී ආහාර හිගයක් ඇති නොවන්නට යුද හමුදා සෙබළුන් යොදවා පුරන් ඉඩම් අස්වැද්දවීමේ වැඩ සටහනක් අනුරාධපුර පලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දඹුළු හල්මිලෑව ප්‍රදේශයේ සිදුවිය. මෙම යල කන්නයේ අස්වැද්දවීම නොකර අතහැර ඇති කුඹුරු විශාල ප්‍රමාණයක් මෙහිදී තෝරාගෙන අතහැර ඇති කුඹුරු වලින් අක්කර 5ක ප්‍රමාණයකෙ මුං කවුපි වැනි බෝග වගාකිරිම ඔවුන් සිදු කරන ලදි.
යුදහමුදාපතිවරයාගේ පුර්ණ මග පෙන්වීම හා අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කෘෂිවගා සංග්‍රාමයට අනුකූලව යාන්ත්‍රික පාබල රේජිමෙන්තු මධ්‍යස්තානයේ සේනා විධායක බ්‍රිගේඩියර් අබේසිංහ මහතා සංවිධානය කළ මෙම පුරන් කුඹුරු අස්වැද්ද වීමේ වැඩ සටහනට නියෙජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් චන්න වීරසූරිය, යාන්ත්‍රික පාබල රෙජිමෙන්තු බලසේනාධිපති බ්‍රිගේඩියර් බාලසූරිය ඇතුළු පිරිසක් ද දඹුළුහල්මිලෑව ගොවිසංවිධානයේ නිලධාරින් ඇතූළු ගොවි මහත්වරුන් පිරිසක්ද සම්බන්ධ විය
මාතලේ මහින්ද උදයසිරි (දඹුල්ල)

Comments
Post a Comment
Your comment will be visible after approval