
ශ්‍රී ලංකාවේ අයිඕසී ඉන්ධන බෙදාහැරීම සිකුරාදා දහවල් හදිසියේ නතර කර කර්මාන්ත ශාලා සදහා පමණක් ලබාදීමට තීරණයවූ අතර යලි සදුදා සිට ඉන්ධන බෙදන බව දන්වා තිබුණි. සිපෙට්කෝ ඉන්ධන මුළුමනින්ම පාහේ බෙදාහැරීමක් නොවන අවස්ථාවක ජනතාවට යංතම් හෝ පිහිටට තිබුණ අයිඕසී ඉන්ධන බෙදීම හිටිහැටියේ නතර කළේ ඇයිද යන්න ගැටලුවක් විය. පොලිම්වල සිටි ජනතාවට මේ නිසා අසාධාරණයක්ද සිදුවිය.
මෙම තීරණය පසුපස දේශපාලනය පැවති බව අයිඕසී කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා තැබූ ට්විටර් සටහනකින් එළිදරව්වී තිබේ.
ඔහු මෙසේ දන්වා ඇත.
‘සැලසුම් කර ඇති විරෝධතාව සැලකිල්ලට ගනිමින්, අද සහ හෙට සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අපගේ සැපයුම් මෙහෙයුම් නවත්වන ලෙස අපට උපදෙස් දී ඇත. ජූලි 10 වැනි දිනට නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ‘

Comments
Post a Comment
Your comment will be visible after approval