
ඊයේ (8) රාත්‍රි 9 සිට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (9 ) උදෑසන 8 ට ඉවත් කරගත් බව පොලිසිය නිවේදනය කළේය.
මානව හිමිකම් කොමිසම මගින් පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කරන මෙන් පොලිස්පතිවරයාට නියෝග කර තිබූ අතර, එහිදි සඳහන් කොට ඇත්තේ ඇඳිරි නීතිය පැනවීම මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.
මීට අමතරව නීතීඥ සංගමය හා බලපෑම් කන්ඩායම් ගණනාවක් මෙම ඇඳිරි නීතිය ‘ව්‍යාජ බියගැන්වීමක්‘ බවටත් නීති පොතේනැති නීතියක් බවටත් කරුණු දක්වා තිබුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval