mahesh-dukgannarala-dies

ජනප්‍රිය භෞතික විද්‍යා ගුරුවරයෙකු වන මහේෂ් දුක්ගන්නාරාළ මහතා ඊයේ හදිසියේ ජීවිතක්ෂයට පත්වූ සිදුවීම සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වේ.
නිවසේදී සිදු වූ ලිස්සා වැටීමකින් ඔහුගේ නහරයකට හානි සිදුව තිබූ අතර ඉන් පසුව ඔහු රෝහල් ගතකරන ලදුව දින කිහිපයක් ප්‍රතිකාර ලබා ඉතා අවාසනාවන්ත ලෙස ඔහු ඊයේ මියගොස් තිබේ. මොරටුව සරසවියේ ආදි විද්‍යාර්ථියෙකු වන මහේෂ් දිවයිනේ ස්ථාන ගණනාවක භෞතික විද්‍යා විෂය ඉගැන්වීමේ යෙදුණේය.ශ්‍රී ලංකාවේ ප්‍රථම භෞතික විද්‍යා ජංගම විද්‍යාගාරයක්ද ඔහු සිසුන් වෙනුවෙන් නිර්මාණය කර තිබුණි.දහස් සංඛ්‍යාත සිසුන් ඔහුගේ අනපේක්ෂිත වියෝව නිසා කම්පාවට පත්ව තිබේ.
පහත පළවන්නේ සමාජ මාධ්‍ය තුළ එම වියෝව ගැන පළවූ සටහනකි.

මහේෂ් දුග්ගන්නාරාළ සර් නැති උන එක ගැන දැන් කවුරුත් දැනගෙන ඇති වගේම දුක් වෙනවා ඇති කියලත් හිතනවා.මුලින්ම ඒ ගැන ගොඩක් දුක් වෙනවා වගේම නිවන් සුව ලැබෙන්න කියලත් සර් සෑහෙන ගොඩක් කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් හොඳ තැන් වලට යවන්න උදව් කරා කියලත් දන්නවා.
මම හිතන්නේ දුකාගේ ක්ලාස් ගියපු කවුරුවත් ගොඩ නොගියේ නෑ.ඒ තරම් සිම්පල් විදියට ඉගැන්නුවා.


කොහොම උනත් මේ කියන්න හදන්නේ ඒ කතාව නෙමෙයි.දුග්ගන්නාරාළ සර් නැති උන විදිය.ඇක්සිඩන්ට් කියලා තිබුනට ඒ වාහන ඇක්සිඩන්ට් එකක් නෙමෙයි.
ගෙදර බාත්රුම් එකේදී සර් ලිස්සලා වැටිලා නහරයක් පුපුරලා ගිහින් හාට් ඇටැක් හැදිලා තියෙනවා.
කොහොම උනත් බේරගන්න බැරි තැනක නහරයක් තමයි එහෙම වෙලා තියෙන්නේ.
සිංගප්පුරු ගෙනිහින්වත් සනීප කරගන්න බැරි මට්ටමක් තමයි තිබිලා තියෙන්නේ.මැෂින් වලින් Run කරගෙන ඉඳලා මම දන්න විදියට.ඒ වගේම හෙට සිංගප්පුරු ගෙනියන්නත් ඉඳලා තියෙනවා කියලා ආරංචියි.එත් පරක්කු උනා වැඩියි.
නිකමට හිතන්නේ මේ උන දේ ගැන.ඔයාලගේ ගෙදර කාට හරි උනත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්.මේ උන දේ ඇහුව ගමන් මට මුලින්ම මතක් උනේ මේක අපේ ගෙදර කෙනෙක්ට උනා නම් කියන එක.
ඔයාලගේ අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය වයිෆ් හස්බන්ඩ් මේ හැමෝටම මේ කතාව කියන්න.පාර තොටේ මුහුදේ ගඟේ කැලේ විතරක් නෙමෙයි අනතුරු තියෙන්නේ.ගෙදර බාත්රුම් එකෙත් ඕනිම කෙනෙක්ට අනතුරක් වෙන්න පුළුවන්.
මම මෙතන ගොඩක් දේවල් දන්නේ නම් නෑ හැබැයි බාත්රුම් එකේ දාන රබර් සෙරෙප්පු දෙක ගෙවිලා නම් අනතුරු වෙන්න ඉඩ වැඩියි කියලා දන්නවා.නිතරම අලුත් සෙරෙප්පු භාවිතා කරන්න.


ඒක ගැන පරිස්සම් වෙන්න..ගොඩක්ම ඔය ප්‍රශ්නය එන්නෙ පොළවට අල්ලන ටයිල් එකෙන්. රෆ් එකක් නොදා පිරිසිදුකරන්න ලෙසීයට සෙමි මැට් ටයිල් එකක් ගන්න දැන් මිනිස්සු පෙලඹිලා තියෙන්නෙ. අනිත් එක ටයිල් ක්ලීනර් නොදා රින්සො වලින් ටයිල් පිරිසිදුකරන්න යන එක.. ඒක තමයි සෑහෙන්න ලිස්සන්න ප්‍රධානම හේතු..
ගොඩක් හොදයි නාන තැන සම්පූර්ණ කවර් කරල බාතෲම් එක හදනවනම්. එතකොට ඊට එහාට වතුර විසිරෙන්නෙ නැති නිසා අනතුරු අවමයි..
අනික සබන් පෙණ එක්ක බාත්රුම් එක ලිස්සන්න ඉඩ වැඩියි.ඔයා බාත්රුම් එකේ නානවා නම් එහෙම නැත්නම් රෙදි හෝදනවා නම් ගොඩක් පරිස්සම් වෙන්න.පුළුවන් තරම් සබන් හෝ ෂැම්පු රැඳෙන් තැන් වතුරෙන් අයින් කරන්න..
අම්මා තාත්තවත් පරිස්සම් කරන්න.එක නිමේෂයකින් හැමදේම වෙනස් වෙන්න පුළුවන් නිසා මේ වගේ හිතන්නෙවත් නැති සුළු දේවල් ගැන මින් පස්සෙවත් ලොකු තැකීමක් කරන්න බලන්න.
🙏  නිවන් සුව සර්