පසුගියදා හඳුන්වාදුන් ජාතික ඉන්ධන අවසර පත සදහා ඉන්ධන අවශ්‍ය පාරිභෝගිකයින් ලියාපදිංචිවීමේදී බොහෝ දෙනාට පැවති ගැටලුවක් වූයේ ඇතුළත් කරන චැසි අංකය නොගැලපෙන බවට ලබාදෙන පණිවිඩයයි.
මේ හේතුවෙන් ඇතැමුන්ට ලියාපදිංචිය සිදුකරන්නට නොහැකිවූ අතර ඇතැමුන් ඒ ගැන විමසන්නට කිසිවෙකු නැතිවීම හා ලියාපදිංචිය නැතිවීම නිසා ඉන්ධන ලබාගත නොහැකිව අසරණවී තිබුනි.




ජාතික ඉන්ධන අවසර පත් සදහා වාහනයේ චැසි අංකය ඇතුලත් කර ලියාපදිංචි වීමට නොහැකි වූ වාහන හිමියන්ට අද සිට තම ආදායම් බලපත්‍ර අංකය භාවිතා කර ලියාපදිංචි වීමට හැකි බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව නව විකල්පය එම ගැටලුවට විසඳුමක් සපයනු ඇතැයි විශ්වාස කෙරේ.
හෙට (1) සිට ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාදීමේදී ශ්‍රී ලංකාව පුරාම මෙම ක්‍රමය පමණක් අනුගමනය කරනු ඇති අතර මෙතෙක් පැවති අවසන් අංක ක්‍රමය අත්‍යවශ්‍ය සේවා සදහා දින ලබාදීම ආදී සියලු ක්‍රම අහෝසි වනු ඇත.
දැනටමත් මෙම ක්‍රමයට අනුගත නොවුණ පිරවුම්හල් අතළොස්සක් පවතින අතර ඒවාට ඉක්මනින් අනුගත වන ලෙස දන්වා ඇති අතර එසේ වනතුරු ඒවාට ඉන්ධන ලබාදීමේ ප්‍රමුඛතාවය අවම කරන බව ඇමතිවරයා දන්වා ඇත.