
අගෝස්තු මස ඉදිරිපත් කරන අතුරු අයවැයෙන් මෙතෙක් ක්‍රියාත්මක රාජ්‍ය සේවයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 සීමාව අඩු කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ අතුරු අයවැය යෝජනාවලිය තුළ රාජ්‍ය සේවයේ විශ්‍රාම යෑමේ වයස අඩු කිරීමට යෝජනා කර තිබෙන බවත් එම අඩුවන වයස අවුරුදු 55ද 60ද යන්න හෙළි කළ නොහැකි බවත්ය.
එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය පියවර ගෙන තිබුණේ රාජ්‍ය සේවයේ පිරිස් අවුරුදු 60න් විශ්‍රාම යෑම පසුගිය 2022 වසරේ ජනවාරි සිට 65 දක්වා දීර්ඝ කිරීමටය.
Comments
Post a Comment
Your comment will be visible after approval