limini-france-namal

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිනි රාජපක්ෂ සහ ඇයගේ දරුවා අද අලුයම සිංගප්පූරුව හරහා ප්‍රංශය බලා පිටත්ව ගියාය.
ලිමිනි සහ ඇගේ දරුවා පෙරවරු 12.05 ට  පිටත්වූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව හරහා ප්‍රංශය බලා පිටත්ව ගිය බව වාර්තා විය.



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය පවුලේ අය බැලීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) පැමිණ සිටියේය.
මේ අතර මේ ගැන ඩේලි මිරර් පුවත්පත තැබූ ‘බ්‍රේකින් නිවුස්‘ එක උපහාසයට නගමින් ට්විටර් සටහනක් තබන නාමල් රාජපක්ෂ

‘මගේ බිරිඳගේ වැඩ හැම විටම ගමන් සහ සංචාරක ව්‍යාපාරය වටා කැරකෙනවා. ඒක මගේ දේශපාලන ජීවිතයට සම්බන්ධ නැහැ! ඇය වෘත්තීය කාන්තාවක් වන අතර දිගටම එසේ වනු ඇත! ඇයගේ සංචාරය තනිකරම ඇයගේ කාර්යයට සම්බන්ධයි. එය බ්‍රේකින් නිවුස් එකක් යයි මා සිතන්නෙ නැහැ. ‘ දන්වා ඇත.



මින් ඉහත පසුගිය අරගල සමයේ මේ ආකාරයටම ලිමිනි ඩුබායි බලා ගමන් කර තිබූ අතර ඒ ගැන විමසද්දී නාමල් ඉන්දීය රූපවාහිනී නාලිකාවකටද මෙම පිළිතුර ලබාදී තිබුණි.

 

සම්බන්ධිත පුවත්
මගේ බිරිඳ සංචාරක වෘත්තිකයෙක් පුතා එක්ක රට ගියේ ඒ වැඩ වලට - යෝෂිත ඕස්ට්‍රෙලියා පැනල ගියෙ නෑ

ඩුබායි ෂොපිං මෝල් එකකදී දැකල පුරුදු මූණක්