kanchana-speaks-about-token

ඉන්ධන ලබාදීමේ දී හඳුන්වා දී තිබු ටෝකන් ක්‍රමය ජූනි මස 23 සහ 24 යන දිනයන් ට පමණක් අදාළ තාවකාලික එකක් වුවක් බවත් තවදුරටත් එය වලංගු නැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අද (03) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන නොමැතිව ජනතාව පිරවුම්හල් අසල රැඳී සිටීම වැළැක්වීම සඳහා ඒ දිනවල එම තීරණය ගනු ලැබුව ද මේ
වනවිට IOC ඉන්ධන පිරවුම්හල් අසල ටෝකන් එක ව්‍යාපාරයක් බවට පත්ව ඇති පසුබිමක එය අහෝසි කරන බවයි.


"ටෝකන් ක්‍රමයක් නෑ. ඔබතුමන්ලා වැරදියට වටහා ගන්න එපා. මේ ටෝකන් ක්‍රමය කියන එක ආවේ එදා දවසේ, 23 හා 24 යන දවස් දෙකේ තිබුණ පෝලිම්වල ඉන්න පිරිස්වලට දීලා ඒ අයට රැඳිලා ඉන්න එපා ඊළඟට අපි 10 හෝ 15 එන දවසට ඒ පිරිසට කතා කරලා ගෙන්න ගන්නවා. හැබැයි දැන් මේක IOC පිරවුම්හල් අසල ටෝකන් එක ව්‍යාපාරයක් වෙලා.

අද මම ආරක්ෂක මණ්ඩල ප්‍රධානීන්ටත් කතා කරලා, කිව්වා. එතුමත් කිව්වා නෑ අපි එහෙම නෙමෙයි බලාපොරොත්තු වුණේ කියලා. ඇත්තටම ආරක්ෂක මණ්ඩලයෙන් තමා අපිට යෝජනා කළේ, පෝලිම්වල ඉන්න අය කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්න නිසා ඒ අයට ඉවත් කරන්න ඕක දුන්නේ. එහෙම නැතුව මෙන්න මෙතැන පිරවුම්හලේ ටෝකන් දෙනවා කියලා එහෙම එකක් නෑ.
ඒක මේ හදාගත්ත දෙයක්. ඒක අවාසනාවක්. ඒක අපේ අමාත්‍යාංශයෙන් මැදිහත් වෙලා කරපු දෙයක් නෙමෙයි. ආරක්ෂක අංශවලින් ඒ වෙලාවේ තියෙන තදබදය අඩු කරන්න ගත්ත පියවරක් විතරයි. ඉදිරියේ දී සීමා කිරීම් කරන්න සිදුවෙනවා."