
අනුරාධපුර - තලාව මාර්ගයේ ගමන් ගනිමින් සිටි රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථයක් මොරගොඩ ප්‍රදේශයේදී වල් අලියකුගේ සිරුරේ ගැටී අනතුරක් සිදුව ඇතැයි වාර්තාවේ.
මොරගොඩ ප්‍රදේශවාසීන් හා තලාව පොලිසියේ නිලධාරීන්ගේ එකතුවෙන් අලියාගේ පහරකෑමට ලක්වූ වාහන වෙත ගිය ප්‍රදේශ වාසීන් ඔවුන් බේරාගන්නට උදව් කර තිබේ. තුවාල ලැබූ තිදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. පසුව දැනගන්නට ලැබී ඇත්තේ
මෙම අනතුර නිසා ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිසක් තුවාල ලබා ඇති බවයි. ඔවුන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව තලාව පොලිසිය සඳහන් කරයි.
අනතුරත් අවස්ථාවේ කැබ් රථය උඩට වල් අලියා ඇද වැටී තිබෙන අතර වාහනයට ද දැඩි හානි සිදුව ඇත.
ජැක්සන් ඇන්තනි සමඟ ගමන්ගත් සමන් ඇන්තනී හා ඉරේෂ් යන අය තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි වාර්තා කරයි.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි මාර්ග දන්වා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval