
කොටුව ජනාධිපති මන්දිරය අසල පැවැත් වූ විරෝධතාවයක් අතරතුරදී අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 12 දෙනෙකු පොලිස් ඇප මත මුදාහැර තිබේ.
අද උදෑසන ජනපති මන්දිරය ඉදිරියට පැමිණි මේ අය විරෝධතාවයේ නිරත වුණේ, ජනධිපතිවරයාට එරෙහිවයි.
පසුව පොලීසිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලිස්ථානයට රැගෙන ගිය අතර ඊට හේතුවූයේ ජනපති ආරක්ෂක අංශය කළ පැමිණිල්ලකි.
ඔවුන් ජනපතිට යන්න එන්න තියන එකම පාර අවහර කලේ යයි චෝදනා නගා තිබුණි.
මංමාවත් අවහිර කිරීමේ චෝදනාව යටතේ මොවන් පොලිසියේ රදවා සිටි අතර අනතුරුව අත්අඩංගුවට ගත් මෙම පිරිස හමුවීමට එම ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් පැමිණ සිටිනු දැක ගැනීමට හැකිවුණි. අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 12 දෙනෙකු පොලිස් ඇප මත සවස මුදාහැර තිබේ
Comments
Post a Comment
Your comment will be visible after approval