gotabaya-rajapaksa-singapore

ශ්‍රී ලංකාවෙන් පලා යාමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ සිට සිංගප්පූරුවට බ්‍රහස්පතින්දා (ජූලි 14) සවස පැමිණි අවස්ථාව විදෙස් මාධ්‍ය ගණනාවක් මගින් විස්තරාත්මකව ආවරණය කර තිබේ.

රාජපක්ෂ මහතා සෞදි අරාබියානු ගුවන් සේවයට අයත් SV788 ගුවන් යානයකින් පැමිණි අතර  එය සවස 7.17 ට සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළට ළඟා විය. ගුවන් තොටුපළේ ගුවන් ගමන් කාලසටහන් පුවරුවට අනුව ගුවන් යානය මුලින්ම ගොඩබෑමට නියමිතව තිබුණේ පස්වරු 6.48 ටය.

ගෝඨා පැමිණි SV788 යානය මුලින්ම ටර්මිනල් 3 ට පැමිණීමට අදහස් කළ නමුත් ඔවුන්ව 2 වන පර්යන්තයේදී යානයෙන් පිටතට ගෙන ගොස් ඔවුන්ගේ ගමන් මලු ලබාදී පිටත් කර ඇතැයි වාර්තාවේ,
පිරිසක් ඔවුන් එනතුරු බලා සිටින ටර්මිනල් 3 වෙත රැගෙනවිත් නැත. ඒ ආසන්න ස්කයිට්‍රේන් එකකට ගොඩ වන ලෙසට දන්වා ආරක්ෂකයින් රැගෙන ගොස් ඇති බව වාර්තා විය. ආරක්ෂක හේතුන් මත ගමන්මග වෙනස් කර තිබේ.
මේ හේතුවෙන් ජනපතිවරයා පැමිණෙතැයි සිංගප්පූරුවේ පෙරමග බලාසිටි මාධ්‍ය කණ්ඩායම් හා ඇතැම් විරෝධතා දක්වන්නන් හා පුරවැසියන් රාශියට ජනපති දකින්නටවත් නොලැබී මග හැරී ගියේය.



විදෙස් මාධ්‍ය මගින් යානයේ පැමිණි මගීන් සම්මුඛ සාකච්ඡාවට ලක් කර ඇති අතර මගීන් කිසිවෙක් තම පියාසැරිය අතරතුර අසාමාන්‍ය දෙයක් දුටු බව වාර්තා කර නැත, නමුත් ඔවුන්ගෙන් එක් කෙනෙක් පැවසුවේ 2 පර්යන්තයේ දී ආරක්ෂක නිලධාරීන් විසින් ගුවන් යානයෙන් ගොඨා හා බිරිය පිටතට ගෙන යනු දුටු බවයි. රාත්‍රී 7.19 ට පමණ  ගුවන් තොටුපළේ ප්‍රභූ සංකීර්ණය වෙත ගමන් කරනු දුටු බවත් වාර්තා කර තිබේ.
රාත්‍රී 8 ට පමණ පරිශ්‍රයෙන් පිටව යන සුදු පැහැති BMW, කළු Mercedes Vito සහ කළු Toyota Alphard යන වාහන තුනකින් යුත් රථ පෙළක් දැකගත හැකි විය. ඔවුන් සමඟ යතුරුපැදිවලින් සර්ටිස් සිස්කෝ පදවන්නන් දෙදෙනකුද පැමිණ ඇත.
මඳ වේලාවකට පසු, යාබද JetQuay පර්යන්තයෙන් මෝටර් රථ දෙකක් පිටව යනු දක්නට ලැබුණි, එය "වාණිජමය වශයෙන් වැදගත් පුද්ගලයින්" සඳහා සපයනු ලබන අතර, අවම වශයෙන් එක් පොලිස් මෝටර් රථයක්වත් ඒ සමඟ ඇත.
සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙකු යද්දී ජාතික ධජයක් රැඳවීම කළත් කිසිදු වාහනයක ශ්‍රී ලංකා ජාතික ධජය සවි කර නොතිබූ බවද වාර්තා කර තිබේ.

එරට වේලාවෙන් සන්ධ්‍යා කාලයේ 7.30 වන විට රාජපක්ෂ මහතාගේ ගුවන් යානය චැංගි ගුවන් තොටුපළට පැමිණෙන බවට කල්පනා කර මිනිත්තු කිහිපයකට පසු ඔහුගේ පිටවීම අපේක්ෂාවෙන් මාධ්‍යවේදීන් සහ කැමරා ශිල්පීන් රාශියක් ප්‍රභූ සංකීර්ණයේ දොරටුවෙන් පිටත රැස්ව සිටි බව ස්ට්‍රෙට්ස් ටයිම්ස් වාර්තා කරයි.
නමුත් තුන්වන පර්යන්තයේදී ගෝඨාභය හමු නොවීම නිසා බලා සිටි අයගේ අපේක්ෂාභංග විය.


ගෝඨා එනතුරු සිට විරෝධය දක්වන්නට ටර්මිනල් 3  අවම වශයෙන් ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු  සිටි බව කියැවේ.

සවස සිංගප්පූරු එන්නට පෙර රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ වාණිජ ගුවන් යානයකින් බ්‍රහස්පතින්දා උදෑසන සිංගප්පූරුවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටියේය. ආරක්ෂක හේතූන් මත මාලදිවයිනේදී ඔහු පෙරවරු 7.50 ට සිංගප්පූරුවට පැමිණි SQ437 යානයට ගොඩ නොවූ බව වාර්තා පෙන්වා දෙයි. ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා පසුව සිංගප්පූරුව බලා යාමට පෞද්ගලික ගුවන් යානයක් ලබා ගැනීමට බලා සිටි අතර තෙවනුව සිදු කළ උත්සාහය අනුව සෞදි යානය වෙත ගොඩ විය.

ඔහු සිංගප්පූරුවට ඇතුළුවීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීම්වලට පිළිතුරු දෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු තහවුරු කළේ රාජපක්ෂ මහතාට පෞද්ගලික සංචාරයක් සඳහා ඇතුළුවීමට අවසර දී ඇති බවයි.
"ඔහු සරණාගතභාවය ඉල්ලා නොමැති අතර ඔහුට කිසිදු සරණාගතභාවයක් ලබා දී නොමැත. සිංගප්පූරුව සාමාන්‍යයෙන් සරණාගත ඉල්ලීම් ලබා දෙන්නේ නැත," ප්‍රකාශකයා පැවසීය.

ගුවන්තොටුපළේ සිට ලබාගත් ඡායාරූප විදෙස් මාධ්‍ය පළ කර තිබුනේ පහත පරිදිය.
සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක චැනල් නිවුස් ඒෂියා නාලිකාව ගුවන් තොටුපලේ සිට ගෝඨාගේ පැමිණීම වාර්තා කළ හැටි වීඩියෝව ඊට පහතින්