8.25pm
ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වූ බවට වූ ලියමනෙහි වලංගු භාවය පරීක්ෂා කර ඉල්ලා අස්වීම තහවුරු කිරීමෙන් පසු හෙට (15) ප්‍රකාශයට පත්කරන බව කතානායක කාර්යාලය දන්වා තිබේ. මේ සදහා නීතිපතිවරයාගේ සහයද ලබාගන්නා බව දන්වා ඇත.
ඒ අනුව බොහෝ දෙනා අපේක්ෂා කළ පරිදි ජනපති ඉල්ලා අස්වීම අද 14 දිනයේත් නිල වශයෙන් සිදු නොවෙයි.


8.15pm
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට සදහන් නිල ලියුම ලැබුණ බව කතානායක කාර්යාලය දන්වා ඇත. එය තවම කතානායක කියවූයේ නැත.
8pm
ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ජනපති පදවියෙන් ඉවත්වූ බව මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ් ටිව්ටර් පනිවිඩයකින් දන්වා තිබේ. ගෝඨාභය මාලදිවයිනේ සිටියදී රැකවරණය ලබාදුන් ඔහු ගෝඨාභය සිංගප්පූරුවට පිටත් කළ පසුව මෙවැනි නිවේදනයක් නිකුත් කර ඇත.

ේ අතර අද 14 සන්ධ්‍යා කාලයේ ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට ළගාවී තිබෙන අතර ඔහු තවදුරටත් ප්‍රමාද නොකර සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා කතානායක වෙත යොමු කර ඇතැයි වාර්තා විය.
කෙසේ වෙතත් රාත්‍රී 8 වනතෙක් ශ්‍රී ලංකා කතානායක එය ප්‍රකාශයට පත් කරේ නැත.
7.30pm
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුවට පැමිණි බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරයි. 


රාජපක්ෂ මහතාට "පුද්ගලික සංචාරයක්" සඳහා සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දී ඇති බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා ඇත. මාධ්‍ය ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන්, වැඩිදුරටත් දන්වා ඇත්තේ ඔහු සරණාගතභාවය ඉල්ලා නොමැති අතර ඔහුට කිසිදු රැකවරණයක් ලබා දී නොමැති බවකි.
 සිංගප්පූරුව වෙත පැමිණීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත යොමුකරනු ඇති බවට අපේක්ෂා කෙරේ.
4pm
ගෝඨාභය රාජපක්ෂ මහතා හා බිරිය මේ වනවිට සිංගප්පූරුවට ආසන්න අහසේ ගමන් කරමින් සිටින අතර ගොඩ බසින්නට සූදානමින් පසුවන බවත් සිංගප්පූරුවේ චැන්ගි ගුවන්තොටුපළ වෙත ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5 ට (එරට වේලාවෙන් 7.30ට)  ගොඩ බසින්නට නියමිත බවත් වාර්තාවේ. 

ෞදි ගුවන් සේවයට අයත් යානයකින් ඔහු සිංගප්පූරුවෙන් බැස පසුව නැවත සෞදි අරාබිය වෙත ගමන් කරනු ඇති බවට පළවූ වාර්තා වැරදි බව ඉන්දීය මාධ්‍ය දැන් වාර්තා කරයි. ඒ අනුව ගෝඨාබය සිංගප්පූරුවේ ටික කලක් නතර වනු ඇත.
ගෝඨා සිංගප්පූරුවට ගොඩ බසින අවස්ථාවේ විරෝධතා දක්වන්නට පිරිසක් සූදානමින් සිටින බවද වාර්තාවේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ සිගප්පූරුවට ගිය පසු සිය ඉල්ලා අස්වෙන ලියුම ශ්‍රී ලංකාවට යොමු කරනු ඇතැයි වාර්තාවේ. ඔහු මේ දක්වා එම ලියුම පමාකරන්නේ අස්වීම කලින් දුන්නොත් ජනපති ලෙස වීඅයිපී ගුවන්ගමන් අවස්ථා අහිමිවී යාමෙන් ඔහුට ඉක්මනින් ගමන් පහසුකම් ලබාගැනීමට පවතින අපහසුතා නිසා බව කියැවේ.

කෙසේ වෙතත් රාජ්‍ය නායකයෙකු ලෙස තවමත් සිටින නිසා ඔහු ගමන් කරන සෑම ගමනකදීම ආරක්ෂක සහතිකයක්ද ලබාගතයුතුව ඇති අතර මේ සංකීර්ණතා හේතුවෙන් ඇතැම් ගුවන් ගමන් අඩාල විය.
කෙසේ වෙතත් සිතු ගමන් වීසා ලබාගැනීමට හා ටිකට්පත් ලබාගැනීමට ඔහුගේ වීඅයිපී මට්ටම පහසුවක් වී ඇත.
ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනතා අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ජනපති තනතුරින් ඉවත්වන බව නිවේදනය කළ අතර එය සිදු කරන්නේ 13 වනදා ලෙස 9 වනදා දන්වා සිටියේය.
බොහෝ අය විමසිලිමත්වූයේ දින 04 ක් ඉදිරියට තබාගෙන එවැනි දිනයක් කියූවේ ඇයිද යන්නයි.
මේ අනුව වාර්තා වන්නේ ඔහු මෙම දින ලබාගතතේ වීඅයිපී පහසුකම් අනුව ඉක්මණින් රටින් පැන අවශය ගමනාන්තයට යාමටය. ඇතිවූ බාධක නිසා ඔහුගේ දින 4 සැලසුම වෙනස්වූ අතර මේ නිසා අස්වීමේ ලියුමද පමා විය.

2pm
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිංගප්පූරුවේ සිට සෞදි අරාබියේ ජෙඩා නගරය වෙත ළඟා වනු ඇති බව මාලදිවයිනේ රජයේ නිලධාරියෙක් උපුටමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ රැදී සිට ඇත්තේ Waldorf Astoria Ithaafushi නම් තරු පන්තියේ හෝටලේ බවත්

 ජනපතිවරයා එහි රැදි සිටීම පිළිබඳ  කාර්ය මණ්ඩලය අප්‍රසාදය පළ කර තිබූ බවත් වාර්තාවේ. හෝටල් ජාලයෙහි එක් රාත්‍රියක් ගත කිරිම  ඇමෙරිකානු ඩොලර් 5,903  -  8,760 අතර මුදලක් වැය වන බවද වාර්තාවේ.
මුල් වාර්තාවල දැක්වුනේ ගෝඨාභය සිංගප්පූරුව වෙත ගියේ පුද්ගලික ජෙට් යානයක බව වුණත් අලුත් වාර්තාවලින් කියන්නේ ඔහු මාලදිවයිනෙන් සිංගප්පූරුවට යාම සිදු කළේද සවුදි ගුවන් සේවය ඔස්සේ බවයි.

12.30pm

අද දහවල් ශ්‍රී ලංකාවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ පුද්ගලික ජෙට් යානයකින් මාලදිවයිනේ මාලේ සිට සිංගප්පූරුව දක්වා පිටත්වූ බව මාලදිවයිනේ සිට ලැබෙන ආරංචි තහවුරු කර තිබේ.



ඔහු සමග බිරිය හා ආරක්ෂකයින් ගමන් කර ඇති බවද පැවසේ.
ඊයේ රාත්‍රී සිංගප්ඵූරු ගුවන් සේවා යානයකින් ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට යාමට අපේක්ෂා කර ගුවන් තොටට ගොස් සිටියද ආරක්ෂාව සම්බන්ධ ගැටලුමක් මුල් කරගෙන ඔහුගේ ගමනට අවසරය නොලැබිණි. පුද්ගලිකව ජෙට් යානයක් ගෙන්වාගෙන ගමන් කිරීමේ විකල්පයට ඔහු ගියේ මේ නිසාය.
ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය එවන බවට මාධ්‍ය තුළ ආරංචි පළවීම නිසා ඔහු ඉවත්වීමේ ආරංචිය ලැබෙන තුරු රට වැසියන් අපේක්ෂාවෙන් පසුවේ.
මින් පෙර ලැබුණ වාර්තා මගින් ගියැවුනේ ගෝඨාභය සිංගප්පූරුවට ගොස් අනතුරුව අබුඩාබි බලා පියාසර කරනු ඇති බවත් එහි දිගු කලක් රැඳී සිටීමට අවසරය ලබාගෙන තිබෙන බවත්ය.