ac-problem-temple-trees

කොළඹ අරලියගහ මන්දිරයේ දී දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී පිරිසක් රෝහල් ගත කළ බව උදෑසන වාර්තා විය. මෙම ගැටුම නිසා තුවාල ලබා රෝහල් ගත කළ පිරිස 10 දක්වා ඉහළ ගොස් ඇත.


වාර්තාවන ආකාරයට ගැටුම ඇතිවී තිබෙන්නේ එහි තිබූ වායුසමීකරණය කරන ලද කාමරයක් ඊයේ රාත්‍රී නිදාගැනීම සඳහා වෙන්කරගැනීමේදීය. පෙරටුගාමී සමාජවාදී කණ්ඩායම හා ජවිපෙ කන්ඩායමේ දෙපිරිසක් අතර මෙම ආරවුල මුලින් බහින් බස්වීමක් ලෙසත් පසුව ගුටිබැට හුවමාරුවක් ලෙසත් අනතුරුව තියුණු ආයුධවලින් කපාගන්නා ස්වරූපයටත් වර්ධනය වී ඇත.
පසුගිය කාලයේ නාමල් යෝෂිත රෝහිත ඇති තරම් බෙදාගනිමින් අරගල නොකර පරිහරණයට යොදාගත් මෙම කාමර ජනතාව අත්පත් කරගත් පසුව ඒසී ඇති හා නැති ඒවා වෙනුවෙන් රණ්ඩු සරුවල් කිරීම අරගලයේ මුක්‍ය අරමුණු වලට නොගැලපෙන්නක් බවට බොහෝ අය අදහස් දක්වා ඇත.



මේ වනවිට සබන් ගා නෑම සිදු කළ අය සිටීමත් විශාල පිරිසක් එකවර එකතුවීමත් නිසා ජනපති මැදුරේ පිහිනුම් තටාකය පවා දැඩි ලෙස අපවිත්‍රවී ඇති අතර එය පිරිසිඳු කිරීමේ නිලධාරීන් රාජකාරී නොකරයි. මේ හේතුවෙන් මැදුර නරඹන අය පිහිනුම් කටයුතු නොකර ඒ අසළ සෙල්ෆි ගසනු පමණක් වාර්තා විය.
ජනපති මැදුරේ රූපවාහිනී යන්ත්‍රයක් මැදින් හිල්වී යන ලෙස පහරදී තිබූ අතර තවත් ස්ථානයක බිත්තියක් පසාරු කර දොරක් සකසාගෙන තිබුනි. අල්මාරි ආදියද අබලන් කිරීමේ අවස්ථා ඡායාරූපගතවී ඇත. වැසිකිලි උපකරණද බිඳදමා තිබූ ආකාරය වාර්තාවිය.
මෙම නොහික්මුණ හැසිරීම් සුළු පිරිසකගේ ක්‍රියා විය හැකි වන නමුත් මේ වනවිට ඇතුළත පාලනයක් නැති පසුබිමේ ඒවා වැළැක්වීම අපහසුවී තිබේ.
 ‘ඒසී ප්‍රශ්න‘ වැනි රට්ටු හිනස්සන කාරනා වලට තුවාල කරගෙන රන්ඩු සරුවල්වීම මෙම පසුබිමේ වාර්තාවෙයි.
මෙම සිදුවීම්  සිදුවන අතරේම මෙම මන්දිර පිරිසිඳු කිරීමට ස්වේච්චාවෙන් ඉදිරිපත්වී කටයුතු කරන පිරිසක්ද සිටීම අගය කළ යුතුය.